සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයට වසර 04ක් පිරෙන 21 දා මහා ජනපවුරක්… යුක්තියේ නාමයෙන් එක්වන්නැයි කාදිනල්තුමෝ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලති…

by editor
අප්‍රේල් 17, 2023
in පුවත්
Malcom-Ranjith
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අවුරුදු 04ක් සම්පූර්ණවන  අප්‍රේල් 21 වැනි සිකුරාදා එම ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා සත්‍ය හා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ශක්තිමත් ජන පවුරක් නිර්මාණය කිරීමට ජාති ආගම් භේදවලින් තොරව එක්වන ලෙස මැල්කම් කාදිල් රන්ජිත් හිමිපාණෝ ජාතියෙන් ඉල්ලා සිටිති.

මිනිසුන්  272ක් ඝාතනය වී තවත් පුද්ගලයින්  500කගේ ජීවිත අඳුරට වැටුන මේ මහා අපරාධය පසුපස වළලන්නට හදන සත්‍ය හෙලි කරගැනීමට වසර හතරක් තිස්සේ බැරිවී ඇත්තේ  මෙම ඝාතනය පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති නිසා යැයි ද  යහපාලන රජය විසින් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විධායක සාරාංශයෙත් එය දක්වා තිබෙන්නේ යැයි ද කාදිනල් හිමිපාණෝ පැවසූහ. හිටපු නීතිපතිවරයා විසින් ද මෙම ප්‍රහාරය පසුපස බරපතල කුමන්ත්‍රණයක් තිබුණු බව ප්‍රකාශ කර ඇතැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.

මේ ප්‍රහාරය පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින  බව තමන් ද විශ්වාස කරන බව කී කාදිනල්තුමෝ  හිටපු ජනාධිපතිවරු  මෙන්ම වත්මන් ජනාධිපතිවරයා ද එම අපරාධකරුවන් මිනීමරුවන් ආරක්ෂා කරන බව කිහ.

දේශපාලන බලය වෙනුවෙන් කරන පාස්කු ප්‍රහාරය වැනි අපරාධ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීම රටක් ලෙස ඉතා වැදගත් බවත්, එසේ නොකළහොත් මෙය නරක පූර්වාදර්ශයක් වනු ඇති බවත් කාදිනල් තුමෝ පැවසූහ.

“ මේ අපරාධකාරී දේශපාලකයින්ගේ උපක්‍රමය වුනේ  කාලයේ වැලිතලාවට යට කර මේ අපරාධ යටපත් කර අමතකවන්න හැරීම. ඒ සඳහා අප සූදානම් නෑ. යුක්තිය ඉටුවනතුරු අප මේ සටන ගෙනියනවා.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 4ක් පිරෙන දා අපි ජන පවුරක් හදන්නේ ඒ නිසා. මේ  ජන පවුර අපි හදන්නෙ උදේ 8 සිට 09 දක්වා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා මීගමුව කොළඹ  මහා මාර්ගයේ….

අපි සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා රටට ආදරය කරන, නීතියේ ආධිපත්‍ය රට තුළ රජකම් කළ යුතුයි කියලා හිතන, කුමන්ත්‍රණකරුවන් සහ දූෂිතයින් පරාජය කළ යුතුයි කියලා හිතන, සෑම පුරවැසියෙක්ම එදාට අපිත් එක්ක එකතු වෙන්න කියලා.

කුමණ ආගමක් ඇදහුවත්, කුමණ භාෂාවක් කතා කළත්, කුමණ ජාතියකට අයත් වුනත්  ප්‍රශ්නයක් නෑ. කුමණ පක්ෂයකට අයත් උනත්  ප්‍රශ්නයක් නෑ. මේ රටට ආදරය කරන පුරවැසියන් හැටියට එදාට අපි එකතු වෙමු. එදාට මේ  ජන පවුර හදමු මීගමුව කොළඹ පාර දෙපැත්තේ…”

“පාර දෙපස පාරේ ගමන් කරන පුද්ගලයින්ට හෝ වාහනවලට බාධාවක් නොවන ආකාරයෙන් අප පාර දෙපස හිටගෙන ඉන්නවා පමණයි. 8.45ට නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන්න කටයුතු කරනවා.”

“එතන්නි පස්සේ 9ට ඉවර වුනාම ආගමික මෙහෙයන් පවත්වනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ ජන හමුවක් පවත්වනවා ඊට පස්සේ.”

මේ කටයුත්තට දායක වෙන්න කියලා හැම පුරවැසියෙකුගෙන්ම  ඉල්ලනවා.

කාර්යාල කම්හල්වල වැඩ බිමිවල් ඉන්න සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙත් 8.45ට විනාඩි දෙකේ නිශ්ශබ්දතාවය තමන් ඉන්න තැනම සිට අනුගමන කරන්න කියලා.”

කාදිනල් හිමියෝ ඉල්ලා සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත ඉනිම සුන් කරයි….

Next Post

දුෂ්කර අවස්ථාවන්වලදී ලංකාවට, දිගුවන ඉන්දියාවේ මිත්‍රත්වයේ හස්තය!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.