බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

රාජ්‍ය බුද්ධි සේවය සෘජුව වගකිව යුත්තේ කාටදැයි හිටපු පොලිස්පති ඉලංගකෝන් පැහැදිලි කරයි

by Lanka Sara Editor
ජූලි 17, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

රාජ්‍ය බුද්ධි සේවය පොලිස්පතිවරයාට තොරතුරු ලබාදීමට බැදී ඇතැයි ඇතැමුන් අර්ථ කථනය කළත් ආයතනික ව්‍යූහය යටතේ රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු සැපයීමට බැදී ඇත්තේ රජ්‍ය ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක ඇමතිවරයාට බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් විශ්‍රාමික පොලිස්පති එන්.කේ. ඉලංග‍කෝන් මහතා අද (17) පැවසීය.

අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් දී පැවැත්වෙන මෙම කොමිසම හමුවට පැමිණි හිටපු පොලිස්පතිවරයා අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරීත්වය මෙරටට බලපාන ආකාරය සහ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමටත් කරුණු සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් තමා පොලිස්පති ධුරය දරන කාලයේ වසර 2015 දී පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කළ බවද එහිදී පැවැසීය. එම කමිටුව සතියකට දෙකකට වරක් රැස්වී තොරතුරු සාකච්ඡා කළ බවත් එහිදී හෙළි වන වැදගත් තොරතුරු ආරක්ෂක මණ්ඩලයට තමා ඉදිරිපත් කළ බවද ඉලංගකෝන් මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

හිටපු කීර්තිමත් පොලිස්පතිවරයෙක් ලෙස නමක් දිනා සිටින එන්.කේ. ඉලංගකෝන් මහතා පාස්කු ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳව කරුණු සොයා බැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ මලල්ගොඩ කමිටුවේද සාමාජිකයෙකි.

ඉලංගකෝන් මහතාගෙන් සාක්ෂි මෙහෙයවනු ලැබුවේ කොමිසමේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසිනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොමිසම අනතුරුව ඉලංගකෝන් මහතාගේ අවධානයට යොමු කරනු ලැබුවේ පොලීසියේ පරිපාලන ව්‍යූහය සම්බන්දයෙනි. පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙක් මගින් පොලිස්පතිවරයාගේ කාර්යන් විමධ්‍යගත කර ඇති ආනකාරය මෙන්ම එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරු කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරු, ඔවුන් යටතේ පොලිස් දිස්ත්‍රික් බෙදී ගොස් ඇති අයුරු මෙන්ම පොලිස් ස්ථාන පරිපාලනයන් සිදුවන අයුරු ඉලංගකෝන් මහතා කොමිසම හමුවේ පැහැදිලි කළේය.එසේම පොලිස් ස්ථාන වර්ගීකරණය කර ඇත්තේ කෙසේද?, ඒ ඒ වර්ගීකරණය කළ පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරුන් පත්කෙරන ආකාරය ද එහිදී ඔහු විස්තර කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ප්‍රභුන් සම්බන්ධයෙන් ආරක්ෂක තක්සේරු වාර්තාවක් කැදවන්න සිදුවෙනවද?

සාක්ෂිකරු

ජනාධිපති සහ අගමැති සම්බන්ධයෙන් නම් රාජ්‍ය බුද්ධි සේවයෙන් ආරක්ෂක තක්සේරු වාර්තාවන් කැදවනවා. විශේෂයෙන් ජනපති හෝ අගමැති හෝ උතුරු සහ නැගෙනහිර පළාත්වල යම් සංචාරයක නිරත වෙනවා නම් අනිවාර්යෙන්ම ඒ සංචාරයට පෙර ආරක්ෂක තක්සේරු වාර්තාවක් කැඳවනවා. එහෙත් සෙසු ප්‍රභුවරුන් සම්බන්ධයෙන් නම් එසේ තක්සේරු වාර්තා සාම්ප්‍රදායිකව කැදවෙන්නේ නැහැ. විශේෂයෙන් යම් අමාත්‍යවරයකුට තර්ජනයක් ඇති බවට තොරතුරක් ආවොත් විතරක් ඒ ගැන යම් සොයා බැලීමක් කරනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

පොලිස් විශේෂ කාර්යාංශය කියල එකක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ තිබෙනව නේද? ඇයි ඒක පිහිටුවල තියෙන්නේ?

සාක්ෂිකරු

රාජ්‍ය බුද්ධි සේවය පිහිටුවල තියෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි. රාජ්‍ය බුද්ධි සේවය වගකියන්නේ ආරක්ෂක ඇමතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටයි. පොලිස්පතිවරයාට රාජ්‍ය බුද්ධි සේවය වගකියන්නේ නැති නිසා පොලිස්පතිවරයාට බුද්ධි තොරතුරු ලබා ගැනීමටයි විශේෂ කාර්යාංශය නම් වූ බුද්ධි අංශය පිහිටුවල තියෙන්නේ. එය ඇත්තේ පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය යටතේ. ඒක තමයි පොලිස්පතිවරයාගේ බුද්ධි අංශය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

රාජ්‍ය බුද්ධි සේවය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ තිබෙනවද?

සාක්ෂිකරු

නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි තිබෙන්නේ. එහි සේවයේ නිරතව සිටින අයගෙන් සියයට 90 ක් 99 ක්ම ඉන්නේ පොලිස් නිලධාරීන්. ඒ අයගේ විනය , පරිපාලනය, උසස් වීම්, ස්ථානමාරුවීම් කරන්නේ පොලිස්පතිවරයා. එහෙත් එහි මෙහෙයුම් කටයුතු කරන්නේ ඒ අයගේ බුද්ධි තොරතුරු නියාමනය වන්නේ ආරක්ෂක ලේකම්වරයා යටතේයි.

(මෙම අවස්ථාවේදී කොමිසම විසින් සාක්ෂිකාර ඉලංගකෝන් මහතාට යම් ලේඛනයක් පෙන්වා සිටියි. එහි දැක්වෙන්නේ පොලිස් ව්‍යූහයයි. ඒ තුළ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා පොලිස්පතිවරයාගේ පරිපාලනය යටතේ ඇතැයි දැන්වේ. සාක්ෂිකාර ඉලංගකෝන් මහතා කොමිසම හමුවේ සදහන් කරන්නේ එම ලේඛනය දෝෂ සහිත බවය. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා පොලිස්පතිවරයාගේ පරිපාලන ව්‍යූහයට ඇතුලත් නොවන බව ඔහු කොමිසම හමුවේ පෙන්වා දුන්නේය. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා වන්නේ යුධ හමුදා මේජර් ජනරාල්වරයෙක් බවත් ඔහු පොලිස්පතිවරයාගේ පරිපාලනය යටතේ නොසිටින බව කොමිසම හමුවේ ඉලංගකෝන් මහතා උදාහරණයක් සහිතව පෙන්වා දුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පොලිස්පතිවරයා රජය සමග කටයුතු කළ යුතු මෙන්ම රජයට වගකිව යුතුයි නේද?

සාක්ෂිකරු

අමාත්‍යාංශ ලේකම්වරයා හරහා අමාත්‍යවරයාට වගකිව යුතු වෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කුමන වගකීමක්ද පැවරිලා තිබෙන්නේ

සාක්ෂිකරු

නීතිය හා සාමය රටතුළ පවත්වාගෙන යාමේ වගකීම පැවරී තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිරුන්ට බලය බෙදා දීල තියෙන්නේ ඒ කටයුත්ත තනිවම කරන්න බැරි නිසා නේද?

සාක්ෂිකරු

පොලිසියේ මම ඉන්න කාලේ 85000 ක පිරිසක් සිටියා. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යූහයක් තිබෙනවා. ඒ ඔස්සේ බලය බෙදා හැරීමකුත් කරල තිබෙනවා. මධ්‍යගත පාලනයක්ද තිබෙනවා

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ඔබගේ කාලය තුළ ජනාධිපති විසින් රටේ සිදුවන දේවල් ගැන ඔබෙන් ප්‍රශ්න කරන්න ඇති.

සාක්ෂිකරු

ඔව්. මහජන කැළඹිම් මෙන්ම රජයේ අවධානයට යොමු කළ යුතු සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති දැනුවත් කිරීමේ ක්‍රමාවේදයක් පැවැතුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ඔබගේ සේවා කාලය තුළ සිටි ජනාධිපතිවරු කවුරුන්ද?

සාක්ෂිකරු

මාගේ කාලයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටියා. එම යුගයේ පොලීසිය පැවැතියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ඇමතිවරයා වූයේත් ජනාධිපතිවරයායි. පසුව පොලීසිව නීතිය හා සාමය අමාත්‍යාංශය යටතට පත්වුනා. ජෝන් අමරතුංග සාගල රත්නායක යන ඇමතිවරුන් ඒ කාලේ ඇමතිවරුන් ලෙස සිටියා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

2015 රජය වෙනස් වීමක් වුනා නේද?

සාක්ෂිකරු

ඔව්

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේත් ඔබ පොලිස්පතිධුරය දැරුවා නේද?

සාක්ෂිකරු

ඔව්.

ඒ කාලේ පොලීසිය පැවතුනේ නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේයි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ඒ කාලේ ජනාධිපති සහ අගමැතිවරයාට ඔබ තොරතුරු ලබාදීම් කරනවාද?

සාක්ෂිකරු

මගේ රාජකාරි පිළිවෙතට අනුව මම වාර්තා කළේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ඇමතිවරයාට පමණයි. යම් විටක ජනාධිපති හෝ අගමැති රජකාරි කටයුත්තක් සම්බන්ධයෙන් යම් විමසීමක් කළොත් ඒ දේ ලබාදෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

යම් තොරතුරක් ගැන ඒවගේම රටේ ප්‍රශ්නයක් ගැන ඇහුවම ඒ ගැන කියන්න තොරතුරු රැස්කරන්නේ කොහාමද?

සාක්ෂිකරු

පොලිස්පති ලෙස මම දිවයිනේ සිදුවන සෑඹ සිදුවීමක් ගැනම අවධානයෙන් සිටියා. තනතුරේ කාර්ය භාරය ඉටුකරන්න එය අත්‍යවශ්‍ය කරුණක් බව මම දැනගෙන සිටියා. මිරිහානේ තිබෙනවා පොලිස් සන්නිවේදන මධ්‍යස්ථානය, එතැනනින් දිවයිනේ සියළුම පොලිස් ස්ථානවලට කථාකරන්න පුළුවන්. සෑම පොලිස් ස්ථානයකින්ම තමන්ගේ පොලිස් බල ප්‍රදේශයේ සිදුවන සෑම විශේෂිත සිදුවීමක්ම මෙතැනට දැනුම් දෙනවා.

දැනුම්දිය යුතු තොරතුරු සම්බන්ධයෙන් නියෝගයක් පොලිස් ස්ථානවෙත ලබාදීලයි තිබෙන්නේ. ඒ අනුව තොරතුරු මිරිහානේ සන්නිවේදන මධ්‍යස්ථානයට ලැබෙනවා. එම ස්ථානයේ පැය 24 පුරාම රාජ්‍ය නිවේදිත නිලධාරියෙක් සේවයට යොදවලයි තියෙන්නේ. යම් සුවිශේෂි සිදුවීමක් වාර්තා වුනොත් එම නිලධාරියා පැය 24 ඕනෑම වේලාවක මාව දැනුවත් කරනවා. උදේ 6.00 වන විට ගෙවුනු පැය 24 රටේ සිදුවුනු අපරාධ, රිය අනතුරු ආදී තොරතුරු සියල්ලක්ම ලේඛනගත කරල මාවෙත යොමු කරනවා. අදාල පොලිස් ස්ථාන මගින් ඒ තොරතුරු තමන්ගේ සහකාර පොලිස් අධීකාරී , පොලිස් අධීකාරී නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටත් යොමු කරනවා.

මෙම තොරතුරුවලට අමතරව මම ක්‍රමවේදයක් සකස්කරගෙන තිබුනා. මම උදෑසන 5.30 ටයි අවධිවන්නේ. ඒ වෙලාවේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පළාතේ සිදුවන විශේෂ සිදුවීම් සම්බන්ධයෙන් මාව දැනුවත් කරනවා. ඒ අනුව උදෑසන 7.00 වන විට මම ගෙවුණු පැය 24 රටේ සිදුවීම් ගැන දැනුවත් වෙලයි ඉන්නේ. ඒ වගේම තමයි යම් තොරතුරක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම් වැඩි තොරතුරු දැන ගන්නට අවශ්‍ය නම් මම එය විශේෂ කාර්යංශයට යොමු කරල දැනගැනීම් කරනවා. ලේකම්වරයා හෝ ඇමතිවරයා විසින් යම් සිදුවීමක් ගැන මගෙන් විමසා සිටියහොත් මම සූදානමින් ඉන්නේ ඒ දේවල් ලබාදෙන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය නීති කඩකළ ආචර් කණ්ඩායමෙන් ඉවත් කර නිරෝධායනයට…..

Next Post

මර්වින්ගේ පුත් මාලකගේ “ඔන්ලයින්“ චණ්ඩිකම උසාවියෙන් කෙළවර ලකුණු…

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.