දිනසේන රතුගමගේ –
යාපනය ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ පාසල් සිසුවෙකු පාසල් නිල ඇඳුමින්ම කේරළ ගංජා හා මාවා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී යාපනය පොලීසිය විසින් ඊයේ (29) අත් අඩංගුවට ගෙන තිබේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන මෙම සිසුවා පිළිබදව පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව එම ශිෂ්‍යයා ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ සිට යාපනයට පැමිණි අවස්ථාවේදී පොලීසිය ඔහුව පරීක්ෂා කොට තිබේ.
සිසුවාගේ කලිසම් සාක්කුවේ තිබී එම මත්ද්‍රව්‍ය හමුවී ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම සිසුවා මත්ද්‍රව්‍ය අලෙවි කරන පිරිසක් සමග කුළුපග වී පාසල් නිල ඇදුමින්ම මත්ද්‍රව්‍ය අලෙවි කරන බවය.
යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගත් එම සිසුවා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.