සුමිත් පොතුපිටිය –
බදුරලිය ප්‍රදේශයේ කණිෂ්ඨ විදුහලක කාර්යාල කාමරයේ ජනේලයක් කඩා ඇතුල්වී එහි තිබූ අගල් 40 ක රූපවාහිනී යන්ත්‍රයක්, ඈම්ප් එකක් සහ මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරයක් සොරකම්ක කළ බවට සැකපිට එම විද්‍යාලයේම ගුරුවරයෙකු ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි .
ඉකුත් ජුනි 12 දා බදුරලිය කෙලින්කන්ද කනිෂ්ඨ විද්‍යාලයේ මෙම සොරකම සිදුකර ඇති බවත් දීර්ඝ විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය.
බුලත්සිංහල , පාඩගලකන්ද අමරගෙදර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකරු සොරකම් කළ අගල් 40 රූපවාහිනී යන්ත්‍රය සහ ඈම්ප් එක සොයාගෙන ඇති බවත් මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරය මෙතෙක් සොයාගෙන නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වති .