ලලිත් චාමින්ද –
රජය විසින් කුරුණැගල හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකිරිමට ප්‍රතිපත්තිමය තින්දුවක් ගැනිම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සදහා මේ දක්වා වියදම් කළ රුපියල් මිලියන 568ක මුදල නිශ්කාර්ය වියදමක් බවට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මෙකි ව්‍යාපෘතිය සදහා 2016 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ ඉඩම් අත්පත් කරගැනිමේ වියදම් ලෙස රුපියල් මිලියන 349.06ක මුදලද ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 568 වියදමක් දරා තිබුණි.
මෙම ව්‍යාපෘතිය සදහා 2022 වර්ෂය වනවිට ආයෝජකයන් හෝ අරමුදල් සපයාගනු ලබන මාර්ගයක් හඳුනාගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඛෙන්ද්‍රකරගනිමින් කුරුණැගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරිමට සැලසුම්කොට තිබුණි.