ශ්‍රියානි විජේසිංහ –
පාසල් ළමුන් ළමුන් දියවැඩියා රෝගයට ගොඳුරුව තිබේද යන්න පිලිබඳව සොයා බැලීම සඳහා ඉදිරි දිනවලදී විශේෂ සමීක්ෂණයක් සිදුකරන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරින් බාලසිංහම් සඳහන් කළාය.
පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් සිදුකල සමීක්ෂණවලදී තරබාරුබව වැඩීවීම හා උසට සරිලන බරකින් යුකුත් නොවීම යන කරුණු දෙක පිලිබඳව සොයා බැලූ බවත් නාගරික ප්‍රදේශවල දරුවන්ගෙන් වැඩි දෙනෙකු මෙම අවදානම් සාධකයන්ට ගොදුරු වී ඇති බවත් හෙළි විනැයි ඇය පැවසුවාය.
එසේම පාසල් ආපන ශාලාවන් හි අලෙවි වන ආහාරපාන පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙර සකස් කළ මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින උපදේශන මාලාවන් නැවත නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සෘජු මැදිහත්වීම ලබා ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය බාලසිංහම් සඳහන් කළාය.
බෝනොවන රෝගයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම මෙම වැඩ පිළිවෙලේ අරමුණ වී ඇතැයිද ඇය පෙන්වාදේ.