බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා!

by editor
අගෝස්තු 12, 2022
in පුවත්
smiling beautiful chef looking at camera from food truck

smiling beautiful chef looking at camera from food truck

Share on FacebookShare on Twitter

සතියට පැය විස්සක උපරිමයකට යටත්ව වයස අවුරුදු දහසය – විස්ස අතර තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියාවන්හි නිරතවීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට පියවර ගැනීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර  පියවර ගනිමින් සිටී.

සියලු රැකියාවන්ට එක හා සමානව ගරු කරන ශ්‍රමයේ ගරුත්වය පිළිබද හැගීමක් නිර්මාණය කිරීම, කිසිදු රැකියාවක් කිසිදු පදනමකින් වෙනස් කොට නොසැලකීමට හුරු කරවීම සහ පාසල් වියේ දී ම තරුණ තරුණියන් වැඩ පරිසරයට හුරුකරවීම මුල් කරගෙන මෙම ඉදිරිගාමී වැඩපිළිවෙළ ආරම්භ වී තිබේ.

ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළ තත්ත්වයන්ට පාසල් වියේ දී ම හුරු කරවීමත්, අධ්‍යාපන කටයුතුවල දී ස්වාධීනත්වයේ අභිමානය තරුණ තරුණියන් තුළ ජනිත කරවීමත්  සඳහා උක්ත සංශෝධන කෙරෙහි අමාත්‍යංශ අවධානය යොමුව ඇතැයි කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම වයසේ සිටින තරුණ තරුණියන් හට දිනකට පැය හතරක උපරිමයකට යටත් ව සතියේ දින පහක් හෝ සතියට පැය විස්සක උපරිමයකට යටත් ව සති අන්තයේත් රැකියාවන්හි නිතරවීමට අවකාශ සැලසේ.

දැනට හදුනාගෙන ඇති අනතුරුදායක රැකියා කාණ්ඩ හැත්තෑ දෙකෙන් පරිබාහිර ව අවහන්හල්, සුපිරි වෙළෙදසැල්, පිරිසුදු කිරීම් ආශ්‍රිත අර්ධ කාලීන රැකියාවන්හි නිරත වීමට දරුවන්ට අවස්ථාව සැලසේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

අදාළ සේවා යෝජකයන් මෙම තරුණ තරුණියන්ට විධිමත් පුහුණුවක් ලබා දීම අනිවාර්යය වේ. කිසිදු අවස්ථාවක ස්ථිර රැකියා අවස්ථාවන් ලබා නොදීමටත්, නිසි පරිදි වැටුප් ගෙවීම්, ආරක්ෂාව සහ ගරුත්වය ලබා දීමත් සේවා යෝජකයාගේ වගකීම වේ.

එසේ ම මෙයට අනුරූප ව ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගෙවීම් සම්බන්ධ නෛතික තත්ත්වයන් ද සංශෝධනය කිරීමට කටයුතු කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ඉන්දියාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට  සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානාවක්   

Next Post

ඉන්දීය දුම්රිය ඉතිහාසය වෙනස් වෙයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.