බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාලනයෙන් තොර ලැව්ගින්න ලෝස් ඇන්ජලීස් අඟුරු ගොඩක් කරයි!

by editor
ජනවාරි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජේම්ස් ෆිට්ස් ජෙරල්ඩ්
බීබීසී –

පාලනයෙන් තොර ලැව්ගිනි ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ ගණනාවක් පුරා පැතිරෙමින් පවතින අතර, අවම වශයෙන් පුද්ගල මරණ පහක් සිදුව ඇති අතර ගොඩනැගිලි සිය ගණනක් විනාශයට පත් ව තිබේ. ලැව් ගිනි හේතුවෙන් 130,000 කට වැඩි පිරිසකට ඇමෙරිකාවේ දෙවන විශාලතම නගරයේ පිහිටි තම නිවෙස්වලින් පලා යාමටත් පොළඹවා තිබේ.

ගිනි නිවන භටයින්ගේ දැඩි උත්සාහය මධ්‍යයේ, දැවැන්ත ලැව්ගිනි තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වී නැත. පවතින කාලගුණික තත්ත්වය සහ දේශගුණික විපර්යාසවල යටි බලපෑම හේතුවෙන් ඉදිරි දිනවල දී ගින්න අඛණ්ඩව පැතිර යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අලුත්ම තත්ත්වය මොකක් ද?

මේවන විට පුද්ගලයින් 137,000 කට වැඩි පිරිසකට තම නිවෙස් හැර යාමට සිදුව ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ට රැගෙන යා හැකි දෙයක් රැගෙන පලා යමින් සිටිති.

පොලිසිය පවසන්නේ දැනට අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව ය. ඔවුන්ගෙන් පිරිසකගේ සිරුරු ඊටන් ගින්න ආසන්නයෙන් සොයා ගත් නමුත් ඔවුන්ගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නැත.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

දරුණු පැලසේඩ්ස් ගින්න මෙන්, ඊටන් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර නැත. මේ අතර, ‘සන්සෙට්’ ගින්න සුප්‍රසිද්ධ හොලිවුඩ් හිල්ස් ප්‍රදේශය ද තර්ජනයට ලක්කර තිබේ.

1,000කට වැඩි ගොඩනැගිලි ප්‍රමාණයක් විනාශ වී ඇති බව දන්නා කරුණකි – ඊට සන්සෙට් බුල්වාර්ඩ් හි නිවාස, පාසල් සහ ව්‍යාපාර ඇතුළු ගොඩනැගිලි ඇතුළත් ය. ගිනි පිළිබඳ පරිසර විද්‍යාඥයෙකු බීබීසීයට පවසා ඇත්තේ ” ගින්න සම්පූර්ණ යාබද ප්‍රදේශයම අතුගා දමා ඇති” බවයි.

තම නිවාස අහිමි වූ ප්‍රසිද්ධ සිනමා තරු අතර මීට දින කිහිපයකට පෙර ගෝල්ඩන් ග්ලෝබ්ස් සඳහා සහභාගී වූ ලේටන් මීස්ටර්, ඇඩම් බ්‍රෝඩි සහ පැරිස් හිල්ටන් ද වේ.

දකුණු කැලිෆෝනියාවේ ලැව්ගිනි කාලගුණ අනාවැකිය අනුව “අතිශයින්ම බරපතල” තත්ත්වයේ සිට “බරපතල” තත්ත්වය දක්වා පහත වැටි ඇති බැවින්, ගිනි නිවන භටයින්ට යම් බලාපොරොත්තුවක් ලැබී තිබේ.

නමුත් බීබීසී කාලගුණ අනාවැකිකරු සාරා කීත්-ලූකස් පවසන්නේ අවම වශයෙන් ඉදිරි සතිය සඳහා ප්‍රදේශයට වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කළ නොහැකි බවය.එයින් අදහස් වන්නේ ගින්න පැතිරීමට සුදුසු වාතාවරණයක් පැවතිය හැකි බව ය.

රථවාහන තදබදය හේතුවෙන් විශාල අවහිරතාවයන් වාර්තා වී තිබේ. පාසල් ගණනාවක් සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය, ලොස් ඇන්ජලීස් (UCLA) වසා දැමීමට සිදුව ඇත.

සමහර ගිනි නිවන භටයින්ගේ ජලපොම්ප සිඳී ගොස් ඇති බව පෙනී යාමෙන් පසු නගරයේ ලැව්ගිනි පිළිබඳ සූදානම පිළිබඳ දේශපාලන අර්බුද නිර්මාණ ඇති වී තිබේ. එය එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අල්ලා ගන්නා ලද ප්‍රශ්නයකි.

ලැව්ගිනි පවතින්නේ කොහේද?

කැලිෆෝනියා ගිනි නිවන නිලධාරීන්ට අනුව, බ්‍රහස්පතින්දා අලුයම වන විට පුළුල් ප්‍රදේශයක් පුරා අවම වශයෙන් ලැව් ගිනි පහක් හෝ ඇතිව තිබේ.

පැලිසෙඩ්ස් : පළමු ගින්න අඟහරුවාදා වාර්තා වූ අතර එය කලාපයේ විශාලතම ගින්න වන අතර ප්‍රාන්ත ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ගින්න බවට පත්විය හැකිය. එය පැසිෆික් පැලිසේඩ්ස්හි යාබද ප්‍රදේශය ඇතුළුව අක්කර 17,200 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් පැතිර ගොස් තිබේ.

ඊටන්: එය ඇල්ටඩෙනා වැනි නගර හරහා ලොස් ඇන්ජලීස් හි උතුරු කොටසේ පැතිර ඇත. එය අක්කර 10,600ක් පමණ ගිනිගෙන විනාශ වූ ප්‍රදේශයේ දෙවැනි විශාලතම ගින්නයි.

හර්ස්ට්: සැන් ෆර්නෑන්ඩෝ ප්‍රදේශයට උතුරින් අඟහරුවාදා රාත්‍රියේ ගින්න ආරම්භ වූ අතර එය අක්කර 855 දක්වා වර්ධනය වී ඇත. නමුත් ගිනි නිවන භටයින්ට එය සීමා කිරීමට හැකි වී තිබේ.

ලිඩියා: එය ලොස් ඇන්ජලීස් වලට උතුරින් පිහිටි කඳුකර ඇක්ටන් ප්‍රදේශයේ බදාදා දහවල් ඇතිවූයේ අක්කර 350 කට ආසන්න ප්‍රදේශයක් දක්වා පැතිර යමිනි. බලධාරීන් පවසන්නේ එය 40% ක් පාලනය කර ඇති බව ය.

සන්සෙට්: ගින්න බදාදා සවස හොලිවුඩ් හිල්ස් හි ඇතිවූ අතර පැයකට අඩු කාලයකදී අක්කර 20 ක් දක්වා වර්ධනය විය. දැන් එය අක්කර 43 කට අධික භූමි ප්‍රදේශයක් පුරා පැතිර යමින් තිබේ.

ප්‍රාදේශීය ගිනි නිවන බලධාරීන්ට අනුව වුඩ්ලි සහ ඔලිවාස් හි මීට පෙර ඇතිවු ලැව්ගිනි දැන් මැඩපවත්වා තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික ඔලිම්පි කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධූරය අත්හිටුවයි…

Next Post

ගෞරවය රැකගැනීමේ තරගය… ශ්‍රී ලංකා පිලෙන් ලකුණු 291ක ඉලක්කයක්… පැතුම් යළිත් අත් නොහරින සටනක…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.