මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපානයක් එක්වරම අක්‍රීය වීම හේතුවෙන් එම විදුලි සෝපානයේ ගමන් කරමින් සිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපකෂ හා ඔහු ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අද ( 27) උදේ විනාඩි 30 කට ආසන්න කාලයක් සෝපානය තුළ සිරවී සිටි බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා සෝපානයෙන් පිටතට ගැනීම සඳහා කර්යාල පරිශ්‍රයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ සේවක පිරිසට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලය වෙත විදුලි සෝපානයෙන් යමින් සිටිය දී මෙම අනතුරුදායක සිද්ධිය සිදුවී තිබේ.
මහජන දිනය නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෙවන මහලේ පිහිටි සම්බන්ධීකරණ කමිටු කාර්යාලය වෙත යමින් සිටිය දී මන්ත්‍රීවරයා මේ සිද්ධියට මුහුණ දී ඇත.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ විදුලි සෝපානය අක්‍රීය වූ අවස්ථාවක හදිසි දැනුම් දීමක් කිරීම සඳහා ඇති බොත්තම ද ක්‍රියා නොකිරීම නිසා තමන් ඇතුළු පිරිසි දැඩි සේ අසරණ වූ බවය.