නව ක්‍රීඩා ඇමතිවරයා ලෙස හරින් ප්‍රනාන්දු පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
රොෂාන් රණසිංහ ඇමතිවරයා ඉවත් කිරිමෙන් පසු පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍යාංශයට පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් හොරුන් රකින සියලු දෙනාට දෝෂාරෝපණය කරමින් කරන ලද කතාවෙන් පැය කිහිපයක් ඉක්ම යන්නට පෙර ජනාධිපති වරයා විසින් ඔහු ක්‍රීඩා ඇමතිකමින් ඉවත් කරන ලදී.
ක්‍රීඩා ඇමති ධූරය භාර ගැනීමට එස්.බී.දිසානායක, දයාසිරි ජයසේකර, මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වේ.