පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්, මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යංශයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කථානායකවරයා විසින් පියවර ගනු ලැබීමට නියමිත බව, ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ට ද්විත්ව පුරවැසිය භාවය තිබේද නැද්ද පිළිබඳව, මෙතෙක් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විසින් ස්වයංව ප්‍රකාශ කර නැති අතර ඔවුන් එසේ ඉදිරිපත්ව, සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රකාශ කර මන්ත්‍රී ධුරය අහිමි කර ගැනීම පිළිබඳ බලාපොරොත්තු විය නොහැකි බවත්, මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් කව්ද යන්න තහවුරු කර ගත නොහැකි බවත් එම ආරංචි මාර්ග පවසයි.
එම තත්ත්වය මත, මෙසේ, නීතිපති උපදෙස් ලබා ගැනීමට කථානායකවරයා පියවර ගෙන ඇති බවත් සඳහන් ය.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සඳුදා සිට, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක කිරීමට, කථානායකවරයා පියවර ගත් අතර, ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්ට, සිය මන්ත්‍රීධුරය දැරීමේ නීත්‍යනුකූල අයිතිය මේ වන විට අහිමිව ඇත.
ඒ අනුව, දැනට, ස්වයංව ප්‍රකාශ කර ඇත්තේ බැසිල් රාජපක්ෂ පමණක් වන අතර පාර්ලිමේන්තුවේ සිටින බව සඳහන් වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු ඒ බව ප්‍රකාශ කර නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය නිරීක්ෂණය කිරීම සඳහා, පාර්ලිමේන්තුව මඟින් මන්ත්‍රීවරුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක, උපන්දින ආදි තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබා දී ඇතත්, ඔවුන් ට මෙතෙක් ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් කව්දැයි නිශ්චිතව හඳුනා ගත නොහැකිව තිබේ.







