පසුගිය සිකුරාදා හා සෙනසුරාදා අයවැය විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට පහර දීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වීමට එරෙහිව පාර්ලිමේන්තු සභා ගැබට පැමිණීම වර්ජනය කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතා පුවරු සහිව අද පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරියේ විරෝධතාවයක නිරත වූහ.
අද පෙරවරුවේ මෙම සිද්ධිය සම්බන්ධව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වූ අතර එහි තීරණය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කතානායකවරයා කීවේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සම්බන්ධව ආණ්ඩුවේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කිරීමටපියවර ගන්නා බවය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කළේ මෙම කමිටු කල් මරා ප්‍රශ්න යට ගසන උපක්‍රම බවත් මේ සම්බන්ධව බලය ඇත්තේ කතානායකවරයාට බැවින් කතානායකවරයා ඍජුව මැදිහත් වී පරීක්ෂණයක් පවත්වා තීන්දුවක් දිය යුතු බවය.







