ආන්දෝලනාත්මක ව්යාධිජනක අඩංගු කාබනික පොහොර තොගයක් මෙරටට එවූ චීනයේ ක්වින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් ඩොලර් ම්ලියන 8ක මුදලක් ඉල්ලා මේ වන විට සිංගප්පූරුවේ බේරුම්කරණ ආයතනයක් හරහා ශ්රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත.
එම සමාගම් ආරංචි මාර්ගවලට අනුව ඔවුන් සිංගප්පූරු බේරුම්කරණ සමාගමේ මෙම වන්දි අයකර ගැනීම සඳහා ත්රිපුද්ගල විනිශ්චය සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇති අතර අදාල වන්දි මුදල කලම්බෝ කමර්ෂල් ෆර්ටිලයිසර්ස් සමාගම එනම් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඇත.
මෙම බේරුම්කරණ විනිශ්චය සභාව සඳහා පත්කරන සාමාජිකයන් තිදෙනා අතරින් ශ්රී ලංකාව සහ චීනයෙ අදාළ පාර්ශ්ව වලින් සමාජිකයෙකු බැවින් පත් කරන ලෙස ඉල්ලා ඇත.
එම සමාගම සඳහන් කරන්නේ තම සමාගමෙන් පොහොර ලබා ගැනීම සඳහා ශ්රී ලංකා සමාගම ගිවිසුම කඩ කර ඇති අතර ඊට අදාළ මුදල් ගෙවීම ද පැහැර හැර ඇති බවයි.
මෙම ඩොලර් ම්ලියන 8 ක මුදලට නිෂ්පාදන ගාස්තු නැව් ගාස්තු සහ අදාල දත්තයන් සියල්ල ඇතුළත් කොට ඇති බව සඳහන් වේ.
මේ වන විට ශ්රී ලංකාව ආසන්නයේ දින 50කට අධික කාලයක් ගතකළ පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව මේ වනවිට බලා යළි ගමන් අරඹා ඇති අතර එම නැව දෙසැම්බර් 9 දින සිංගප්පූරු වරායට සේන්දු වීමට නියමිත බව සඳහන් වේ.