ලලිත් චාමින්ද –
ධාරාණිපාත වර්ෂාවත් සමග හිනිදුම මල්ලිකා විද්‍යාලය අසල මාර්ගය ජලයෙන් යටවිම නිසා හිනිදුම මල්ලිකා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනි සිටි සිසු දරු දැරියන් පිරිසක් බෝටිටුවලින් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හා නාවික හමුදාව එක්ව අද (01) උදැසන කටයුතු කරණු ලැබිය.
ධාරාණිපාත වර්ෂාවත් සමග උඩුගම අකුරැස්ස මාර්ගයේ හිනිදුම මල්ලිකා විද්‍යාලය අසල මාර්ගය ජලයෙන් යටවි තිබුණි. විභාගයට පෙනි සිටින සිසු දරු දැරියන් 40 දෙනෙකු පමණ බෝට්ටු මගින් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ලුතිනල් කර්නල් පි.ඩබ්ලිව් කරුණාරත්න පවසයි.
මේ වනවිට තවලම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජලය බැසයමින් පවතින බවද ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.








