ඇමෙරිකානු ඩොලරයේ මිල රුපියලේ අගයට සාපේක්ෂව ශිඝ්‍ර ඉහළ යාමත් සමඟ පාන් රාත්තලක මිල (ග්‍රෑම් 450) රුපියල් 30කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
ඊට අමතරව බේකරි ආශ්‍රිත සෙසු ආහාරවල මිලද රුපියල් 10කින් ඉහළ දැමීමට එම සංගමය පියවර ගෙන ඇත.
අද මෙරට ප්‍රධානතම පිටි සමාගම් දෙක වන ප්‍රිමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම් පිටි මිල ඉහළ දැමීමට තීරණය කිරීමෙන් පසුව මෙ තීරණය ගෙන ඇත.
සෙරන්ඩිබ් සමාගම පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 35කන්ද ප්‍රීමා සමාගම රුපියල් 40කින්ද ඉහළ නැංවීමට අද පියවර ගත්තේය.