සුමිත් පොතුපිටිය –
පානදුර නගර සභාවේ කම්කරුවෙකු අද පස්වරුවේ සභාවේ කසල අංගනයේ තාප්පයකට යටවී බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර වලපල ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකු මේසේ රෝහල් ගතකර ඇති බව සදහන් වේ.
තුවාල ලැබූ තැනැත්තා පානදුර දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නගර සභාවට අයත් කසල අංගනයේ තාප්පය ආසන්නයේ පිරිසිදු කිරීම් කටයුතු වල නියැලී සිටීයදී තාප්පය ශරීරය මතට කඩාවැටී තිබේ.
බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට යොමුකිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති.