ශ්‍රියානි විජේසිංහ –
රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකයන්හි සේවය කළ විශේෂඥයින් 30 දෙනාගෙන් 23 දෙනෙකුම මේ වන විට රට හැර ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මිට අමතරව ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන් 29 දෙනාගෙන් 5කුම මේ වන විට රටහැර ගොස් ඇතැයිද සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන කියයි.
විදේශ පුහුණුව නිමකර මෙරටට පැමිණි විශේෂඥ 8 දෙනාගෙන් මෙරට රැදී ඇත්තේ 2කු පමණක් බවත් ඉතිරි 5 දෙනා මේ වන විට රටහැර ගොස් ඇති බවත් මෙය මහත් ඛේදවාචකයක් බවට ඉදිරි වසර කීපය තුලදි පත්වීම පුදුමයක් නොවන බවද විශේෂඥවරයා පෙන්වාදේ.
කෙසේ නමුත් සාමාන්‍ය වෛද්‍යවරයෙකු බිහිකිරිමට වසර 7ක් පමණ කාලයක් ගත වන අතර විශේෂඥ වෛද්‍යවරයෙකු බිහිකිරිමට වසර 10ක පමණ කාලයක් ගතවීම මෙම ගැටලුව ප්‍රධාන හේතු වි ඇත.
වෛද්‍යවරුන්ට නිසි වැටුපක් නොදිම , නිල නිවාස නොමැතිකම වැනි හේතු නිසා ඔහුවු රටහැර යාම පුදුමයක් නොවන බවත් මොවුන් මෙරට රඳවා ගැනීමට සෞඛය අමාත්‍යංශය තුළ නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් හෙතෙම පෙන්වාදේ.
.