පානදුර රෝහල අසල දී අද ගිලන් රථයකට වෙඩි තැබීමක් සිදු කර තිබේ.
නාඳුනන තුවක්කුකරුවකු විසින් ගිලන් රථයක් පදවාගෙන ගිය රියදුරු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.
රියදුරා එම වෙඩිල්ලෙන් ගැලවී දිවි බේරාගෙන තිබේ.
මෙම වැඩි තැබීම පිළිබඳව විමර්ශනය කරන පොලිස් නිලධාරීන් එය විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු නැමැත්තා විසින් මෙහෙයවන ලද අපරාධ මේ ක්‍රියාවක් බව මූලික විමර්ශනයේදී හඳුනාගෙන තිබේ.
එය සිදුව තිබෙන්නේ ගිලන් රථයක් යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සැලසුමක් පිළිබඳව පොලිසියට අනාවරණය වී ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අතරතුරය.