අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පානදුර ගිලන් රථ රියදුරා අනූ නවයෙන් බේරුණේ ඝාතකයාගේ ගිනි අවිය අක්‍රීය වීම නිසා…

by editor
ජනවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පානදුර මූලික රෝහල ඉදිරිපිට දෙනෝදහසක් දෙනා බලාසිටියදී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට නාඳුනන පුද්ගලයෙක් විසින් අද (27)  එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පානදුර දකුණ පොලීසිය සඳහන් කළේ ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් රියදුරුගේ ජීවිතය බේරී ඇති බවය. එල්ල වුණු වෙඩි ප්‍රහාර ගිලන් රථයට වැදී තිබුණත් රියදුරුට තුවාල සිදුවූයේ නැත.

ගිනිඅවියේ තිබූ ජීව උණ්ඩයක් ගිලන් රථයේ ඉදිරිපස රියදුරු දොර අසල වැටී තිබියදී පොලීසිය විසින් සොයාගෙන  තිබිණි.

මිනීමරුවන්ගේ ඉලක්කය බවට පත් වී සිටි ගිලන් රථ රියදුරා  කළුතර උතුරු තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

අද පෙරවරු 11.45ට පමණ ඔහු රෝගී කාන්තාවක් රැගෙන පානදුර මූලික රෝහල වෙත පැමිණ ඇත.  එම ගිලන් රථය හඹාගෙන යතුරු පැදි දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙක් පැමිණ ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගිලන් රථය රෝහල් භූමියට ඇතුළු කරනවාත් සමගම එක් පුද්ගලයෙකු ගිලන් රථයේ රියදුරුගේ දොර අසලට පැමිණ වෙඩි තැබීම සිදුකර තිබුණි.  ඔහුගේ ආරක්ෂාවට ගිනි අවියක් සහිත තවත් පුද්ගලයෙක්  රොහලේ ප්‍රධාන ගේට්ටුව අසල සිට ඇත.

මේ අවස්ථාවේ ඒ අවට සිටි පිරිස් කලබල වී දැඩි නොසන්සුන්කාරී පරිසරයක්  ඇති වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කර ඇත්තේ වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති නමුත්  ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් ජීව උණ්ඩ  ක්‍රියාත්මක වී නැති බවය.

මේ සම්බන්ධව විමර්ශකයන්ගේ මූලික සැකය යොමු වී ඇත්තේ  කුඩු සළිඳු නැමැත්තාට බව පැවසේ. මෙම කුප්‍රකට ජාවාරම්කරු පොලිසියේ ඉහළම නිලධාරීන් ගණනාවක් සමග සමීප සබඳතා පවත්වමින් සිය ජාවාරම කරගෙන යන බවට පසුගිය වකවානුවේ  පොලිස් විමර්ශකයන්ට තොරතුරු ලැබී තිබිණි.   මේ ජාවාරම්කරු ගිලන් රථයකින් මත් කුඩු ප්‍රවාහණය කිරීමට  කළ සැලැස්මක්  හෙළි  දරවු වීමත් මේ ඝාතන තැතත් අතර සම්බන්ධයක් තිබිය හැකි බවට ඔවුහු විශ්වාස කරති.

මේ අතර  පසුගිය 2021 පෙබරවාරි මස 28වන දින වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් හොරණ දික්හේනපුර ප්‍රදේශයේ දී රුපියල් කෝටි 42ක් පමණ  වීදි වටිනාකමකින් යුතු  හොරෙයින් කිලෝ 42ක් සොයා ගැනීමත්  මේ ඝාතන තැතත් අතර ඇති සම්බන්ධය ගැන ද විමර්ශකයන්ගේ අවධානය යොමු වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පානදුරේදී මහ දවල් ගිලන් රථයකට වෙඩි

Next Post

අගමැති ගිණුමෙන් සල්ලි හොරකම් කිරීමක් ගැන දන්නෙ නෑ…. – අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.