කීර්ති ප්‍රනාන්දු –
බන්ධනාගාරගතව සිටින හටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් අද ( 11) දින කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ රන්ජන් රාමනායකගේ දණහිසෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් ඊයේ(10) දින අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර පසුව අද (11) දින කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායන අංශයට මාරු කර ඒවා සිටි බවය.
අද (11) දින කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට යොමු කළ රංජන් රාමනායකව වෛද්‍යවරුන් විසින් පරීක්ෂාකර ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව එළැඹෙන 16 වන දින නැවත සායනයට රැගෙන එන ලෙස දැනුම් දී ඇත. එබැවින් එළඹෙන 16 වන දින දක්වා කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඔහුව රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.







