රට විකල් කළ බිහිසුණු පාතාල නායකයෙක් වූ මාකිලංගමුවේ සංජීව අද කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මාකිලංගමුවේ සංජීව ව්‍යාජ ගුවන් බලපත්‍රයක් භාවිතයෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි
මේ වනවිට ආගමන විගමන නිලධාරීන් ඔහු අත් අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති.
මින් පෙර පැතිරී තිබුනේ ඔහු ඉන්දියාවේ දී ඉන්දීය පොලිස් අත් අඩංගුවට පත් වු බවය.
ඒ වග සැලවීමත් සමග ප්‍රතිවිරුද්ධ පාර්ශව ක්‍රියාත්මකව සිටි අතර ගණේමුල්ල මාකිලංගමුවේ ඔහුගේ නිවසට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වීය.
මාකිලංගමුවේ සංජීව එල්.ටී.ටී.ඊ.ය සමග දකුණේ පාතාලය සම්බන්ධ කළ පුද්ගලයා ලෙස සැලකේ.