අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයේ රහසිගත කුලී ඝාතක බූරුමූණාට පලායන්න ඉඩ දීමට පෙර කටුනායක පොලිසියෙන් සුපිරි සැපක් දීලා…

by editor
පෙබරවාරි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් භාරයට පත් කළ ඝාතන 20කට අධික ප්‍රමාණයකට සම්බන්ධ බව කියන පාතාලයේ සැඟවුන වෙඩික්කරුවෙක් වූ   කළුමිණි රවිදු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා පලා යන්නට පෙර කටුනායක පොලිසියේ දී සුපිරි සැපක් ලබා දී ඇතැයි  විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

දැනට විමර්ශනයේ දී හෙළිවන ආකාරයට ආගමන විගමන නිලධාරීන් විසින් බූරු මූණා පොලිසියට භාර දුන් අවස්ථාවේ සිට ඔහුට මාංචු දමා නැති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත.  එමෙන්ම ඔහුව සිරකුටියක දැමූ බවට ව්‍යාජ සටහන් තබා   සිරකුටියකට යොමු නොකර නිදහසේ තබා ඇති බව ද හෙළි වී තිබේ.

එමෙන්ම ඔහුට පරිහරණය සඳහා ඉහළ පොලිස් නිලධාරීන් භාවිතා කරන වැසිකිලිය ද ලබා දී තිබේ.

අපරාධකරු  ආගමන විගමන නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවන්නේ  සවස 5.30ට පමණය. කටුනායක ගුවන්තොටුපොල පොලීසියට ඔහුය භාරදීමෙන් පසු පොලිස් ස්ථානයට ඔහුව රැගෙන විත් ඇත්තේ සවස 6.30ට ය.   අපරාධකරුව පොලිස් සිරමැදිරියේ දමා ආරක්ෂාකාරීව තබා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට දැනුම්දී ඔහුව එම නිලධාරීන්ට භාරදිය යුතු වූවත් රාත්‍රී 10.00 වන තුරුම එවැනි පියවරක් ගෙන තිබුණේ නැතැයි හෙළි වී ඇත.

මෙම අපරාධකරුව පොලිස් ස්ථානයට රැගෙන එන විට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධිර ද  පොලිස් ස්ථානයේ සිට ඇත. මෙම අවස්ථාවේදී පොලිස් ස්ථානයේ කාර්ය භාර නිලධාරියා ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ පොලිස් සැරයන් සේනාරත්න නැමැත්තෙකි.  පොලිස් ස්ථානයේ උපසේවා නිලධාරියා ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ කොස්තාපල් රත්නායක නැමැති තැනැත්තාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පොලිස් සිරමැදිරියේ අපරාධකරුව රඳවා තබා ඇතැයි ව්‍යාජ සටහන් තබා තිබී ඇත්තේ රත්නායක නැමැති නිලධාරියාය.

දැනට වාර්තාවන පරිදි  පොලිස් සැරයන් සේනාරත්න  සමඟ පොලිස් ස්ථානය ඉදිරිපිටට වී මෙම සැකකරු සිගරට් පානය කරමින් සිට ඇති බව. ඒ අතර ඔහු ඩුබායිවෙත  තමාව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවට පණිවුඩයක් යොමුකර ඇති බවට   තොරතුරුද විමර්ශන අංශ වෙත පෙනී ගොස් තිබේ.

මෙම අපරාධකරු බේරා ගැනීමේ පාතාල මෙහෙයුමට ශ්‍රමණයින් දෙදෙනා සම්බන්ධ වන්නේ මෙසේ ඩුබායි හි වෙසෙන මත්කුඩු ජාවාරම්කාර ලලිත් කන්නංගර නැමැත්තාව දැනුම්වත් වීමෙන් පසුය. ඔවුන් දෙදෙනා කුඩා සාමනේර හිමියන් ද සමග  කටුනායක පොලිසියට පැමිණ ඇත්තේ රාත්‍රී 9.30ට පමණය.

පාතාල මෙහෙයුමට පැමිණෙන ශ්‍රමණයින් අතරින් නායක ශ්‍රමණයා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර සමග බොහෝ වේලාවක් කතාබහක නිරත වී සිට තිබේ.

පොලිසිය සිය ලේඛණවලන් සහ කටඋත්තරවලින් මෙම අපරාධකරු සිර මැදිරියක දමා සිටි බව ප්‍රකාශ කළද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කටුනායක   පොලිස් ස්ථානයට රැගෙන ආ මොහොතේ සිටම ඔහු රැඳී  සිට ඇත්තේ පොලිස් සිරමැදිරියෙන් පිටත නිදැල්ලේ බවය.

බූරු මූණා පොලිස් සැරයන්වරයා සමග කතා කරමින් දුම් පානය කරමින් එළියේ සිට ඇති අතර මැදියම් රැය පසුවී විනාඩි 15ක් පමණ ගතවනවිට ඔවුන් සිටි ස්ථානය අසල පාරට පැමිණි කහපාට ඇක්වා රථයක නැගී පලාගොස් තිබේ.

මෙම පලායෑම පසුපස  විශාල මුදල් ගණුදෙනුවක් සිදුවී ඇති බවත් එම මුදල් හුවමාරු කරගෙන ඇත්තේ ශ්‍රමයන් හරහා බව  පෙනී යන බවත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු අනාවරණයකර ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් පොලිසිය සඳහන් කරයි.

පොලිස් අත්අඩංගුවේ සිටි පාතාලයේ වෙඩික්කරු නැගී පළාගිය මෝටර් රථය ගමන්කර ඇත්තේ කොළඹ – මීගමුව මාර්ගය දෙසට බව පොලීසිය කියයි.

විශේෂත්වය වන්නේ මෙම  අපරාධකරු පළාගොස් ඇති බව  හෙළිවන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහුව භාරගැනීමට පැමිණි අවස්ථාවේදී වීමය.

එතෙක් මෙම අපරාධකරු පළාගිය බව රහසක් ලෙස තබා ගැනීමට ගුවන්තොටුපොල පොලීසියේ නිලධාරීන් වගබලාගෙන   ඇත.

හෙළිවූ තොරතුරුමත කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධිර,  පොලිස් සැරයන් සේනාරත්න  පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක සහ කුමාර යන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැරයන්වරයා ලබන මාර්තු 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් පොලිස් ස්ථාධිපතිවරයා සහ කොස්තාපල්වරු දෙදෙනා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට පියවර ගෙන තිබුණි.

මෙම සැරයන්වරයාගෙත් කොස්තාපල්වරුන් දෙදෙනාගෙත් වැඩ තහනම් කිරීමට ඊයේ (27) වන විට  මීගමුව පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගත් අතර පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමේ බලධාරියා ජාතික පොලිස් කොමිෂන් සභාව වන බැවින් පොලිස්පති මගින් ජාතික පොලිස් කොමිෂන් සභාවට ඊයේ වන විට එහි නිර්දේශ යොමුකර තිබුණි.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බූරුමූණා හංවැල්ලේ ආපනශාලාකරු ඝාතනය කළ ආකාරය…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් කරයි…

Next Post

මානව හිමිකම් කවුන්සිලයේ නිත්‍ය සැසිවරාය ඇරඹී ඊයේ ජනීවා හි ලංකාවට එරෙහි විරෝධතාවයක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.