පාකිස්ථාන මාධ්‍යවේදියෙකු වන අයාස් අමීර් විසින් පකිස්ථානු ජෙනරාල්වරුන් දෙදෙනකු ‘දේපල වෙළෙන්දන්’ ලෙස හඳුන්වනු ලැබීමත්, ඉස්ලාමාබාද් මහාධිකරණයේ අගවිනිසුරු ආතර් මිනල්ලාහ් ද ඔවුන් වැරදිකරුවන් කිරීමත් නිසා අමර් හා ආතර් දෙදෙනාටම මිලේච්ඡ ප්‍රහාරයකට ලක් වේනනට සිදු විය.
අගවිනිසුරුවරයා ‘හමුදාව සෘජුව හෝ වක්‍රව ව්‍යාපාරවල නිතර වීම හා පොදු ඉඩම්වල අයිතිය ඉල්ලා සිටීම නීති විරෝධී බවට තීන්දු කිරීමත්, අමීර් සිවිල් වැසියෙකු වීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජෙනරාල්වරයෙකුට පහරදීමට කිසිදු රැකවරණයක් නොවීමත් හේතුවෙන් ඔවුන්ට මෙලෙස පහර දීමට හේතු වී තිබේ.
හමුදාව විසින් එවන ලද ප්‍රහාරකයින් අමීර්ට බැණ වදිමින් පහර දී ඇති අතර අගවිනිසුරුවරයාට ද එම තත්ත්වයටම මුහුණ දෙන්නට සිදු විය. මේ අතර ඉඩම් හිමිකර ගැනීම හා බෙදා හැරීම ජෙනාරාල්වරුන්ගේ වඩාත්ම ආරක්ෂිත වරප්‍රසාදවලින් එකක් බව පෙන්වා දී තිබේ.