බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානු අගමැති නියමයෙන් ශ්‍රී ලංකාවේ පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් අස්ගිරි මහ නා හිමි බැහැදකී…

by editor
දෙසැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සියල්කෝට් හි දී ඝාතනය වුණු ප්‍රියන්ත කුමාර ගේ සිදුවීම සම්බන්ධව කටයුතු කළ ආකාරය අගය කරමින්  අස්ගිරි මහා නායක හිමියන් විසින් පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් වෙත යැවූ  ලිපියට ස්තුති පූර්වක ගෞරවය පළ කිරීම සඳහා පාකිස්ථානු අගමැති   නියමයෙන් ශ්‍රී ලංකාවේ පකිස්ථානු  නියෝජ්‍ය මහ කොමසාරිස් රන්වීර් අහමඩ්   අද (18) සවස අස්ගිරි මහා නායක හිමියන් බැහැ දුටුවේය.

මහානායක හිමියන්ට ගෞරව පූර්වක ස්තුතිය පිළිගැන්වූ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මාධ්‍ය අමතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.

“මම ආවේ විශේෂ ස්තූතියක් කරන්න අතිපූජ්‍ය අස්ගිරි පාර්ශවයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට. පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මට විශේෂයෙන් දැනුම් දුන්නා අස්ගිරි මහනාහිමියන් බැහැදකීමට යන ලෙස. සියල්කොට් හි සිදුවූ අවාසනාවනත් සිදුවීම අපි හැමෝම දන්නවා. එහිදී අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලංකිකයා ඝාතනයට ලක්වුණා. පකිස්තාන අගමැතිවරයා ප්‍රමුඛ රජය එම අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග අගය කරමින් අස්ගිරි මහනාහිමියන් පකිස්තාන අගමැතිවරයාට ලිපියක් යොමු කළා.“

“එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කළා. මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව මහනාහිමියන් දැනුම්වත් කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නා. සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරත්දී අනෙක් පසින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් කළා. පකිස්තානය මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග උන්වහන්සේ යළිත් අගය කළා.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර 1948 සිට විශාල මිත්‍රත්වයක් තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන්ද අපේ රටවල් දෙක අතර ලොකු බැඳීමක් තිබෙනවා. ආගමික බැඳීමක් තිබෙනවා.“

“පකිස්තාන සියලුම ජනතාව මේ ඝාතනය හෙළා දැක්කා. මේක අපේ දෙරටේ සහෝදරත්වය පළුදු වීමට හේතුවක් නොවෙයි. විශේෂයෙන් පකිස්තානයේ කාන්තාවන් පවා ඉදිරියට පැමිණ මෙයට ප්‍රසිද්ධියේ  විරෝධය දැක්වූවා.  ශ්‍රී ලංකාවට සමාවෙන්න කියලා කිව්වා.“

“මේක හුදකලා සිදුවීමක්. පකිස්තාන අගමැතිවරයා නීතිය තදින් ක්‍රියාත්මක කළා. මේක අපේ බැඳීමට ප්‍රශ්නයක් නොවෙයි. ශ්‍රී ලංකා රජය පවා පකිස්තාන රජය ගත් ක්‍රියාමාර්ග අගය කළා. පකිස්ථාන ඉතා ආරක්ෂිත රටක්. එහි පැමිණීමට බිය විය යුතු නැහැ. ශ්‍රීලංකාවේ සියලු දෙනාට ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොව්ඩ් මරණ 14ක්…

Next Post

ගෑස් සපයන ඕමාන් සමාගමට එරෙහිව නීතිය හමුවට නොයන්නේ ඇයිදැයි ලීට්‍රෝ සේවකයෝ අසති

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.