කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 14 දෙනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් නිල වශයෙන් තහවුරු කර වාර්තා කළ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,734 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 9 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 9 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.