සියල්කෝට් හි දී ඝාතනය වුණු ප්‍රියන්ත කුමාර ගේ සිදුවීම සම්බන්ධව කටයුතු කළ ආකාරය අගය කරමින් අස්ගිරි මහා නායක හිමියන් විසින් පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් වෙත යැවූ ලිපියට ස්තුති පූර්වක ගෞරවය පළ කිරීම සඳහා පාකිස්ථානු අගමැති නියමයෙන් ශ්‍රී ලංකාවේ පකිස්ථානු නියෝජ්‍ය මහ කොමසාරිස් රන්වීර් අහමඩ් අද (18) සවස අස්ගිරි මහා නායක හිමියන් බැහැ දුටුවේය.
මහානායක හිමියන්ට ගෞරව පූර්වක ස්තුතිය පිළිගැන්වූ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මාධ්‍ය අමතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.
“මම ආවේ විශේෂ ස්තූතියක් කරන්න අතිපූජ්‍ය අස්ගිරි පාර්ශවයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට. පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මට විශේෂයෙන් දැනුම් දුන්නා අස්ගිරි මහනාහිමියන් බැහැදකීමට යන ලෙස. සියල්කොට් හි සිදුවූ අවාසනාවනත් සිදුවීම අපි හැමෝම දන්නවා. එහිදී අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලංකිකයා ඝාතනයට ලක්වුණා. පකිස්තාන අගමැතිවරයා ප්රමුඛ රජය එම අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග අගය කරමින් අස්ගිරි මහනාහිමියන් පකිස්තාන අගමැතිවරයාට ලිපියක් යොමු කළා.“
“එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කළා. මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව මහනාහිමියන් දැනුම්වත් කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නා. සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරත්දී අනෙක් පසින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් කළා. පකිස්තානය මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග උන්වහන්සේ යළිත් අගය කළා.“
“පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර 1948 සිට විශාල මිත්‍රත්වයක් තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන්ද අපේ රටවල් දෙක අතර ලොකු බැඳීමක් තිබෙනවා. ආගමික බැඳීමක් තිබෙනවා.“
“පකිස්තාන සියලුම ජනතාව මේ ඝාතනය හෙළා දැක්කා. මේක අපේ දෙරටේ සහෝදරත්වය පළුදු වීමට හේතුවක් නොවෙයි. විශේෂයෙන් පකිස්තානයේ කාන්තාවන් පවා ඉදිරියට පැමිණ මෙයට ප්‍රසිද්ධියේ විරෝධය දැක්වූවා. ශ්‍රී ලංකාවට සමාවෙන්න කියලා කිව්වා.“
“මේක හුදකලා සිදුවීමක්. පකිස්තාන අගමැතිවරයා නීතිය තදින් ක්‍රියාත්මක කළා. මේක අපේ බැඳීමට ප්‍රශ්නයක් නොවෙයි. ශ්‍රී ලංකා රජය පවා පකිස්තාන රජය ගත් ක්‍රියාමාර්ග අගය කළා. පකිස්ථාන ඉතා ආරක්ෂිත රටක්. එහි පැමිණීමට බිය විය යුතු නැහැ. ශ්‍රීලංකාවේ සියලු දෙනාට ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.“