අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදි රනිල්ට යෝගා කරන්න කතා කරයි….

by lankasara-editor
ජූනි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් යෝගා දිනය සැමරීම සඳහා එක්වන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් එවමින් ඉල්ලා තිබේ.

පැරණි ඉන්දියානු උරුමයක් වන යෝගා හි වැදගත්කම සඳහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, මෙම වසරේ ජාත්‍යන්තර යෝගා දින සැමරුම් සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා වෙත එවූ ලිපියේ සඳහන් කර තිබේ.

සෑම වසරකම ජූනි මස 21 වන දින සමරනු ලබන ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ එහි සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මෙරට සංවිධානය කළ යෝගා මහෝත්සවය ජූනි 13 වන දා ආරම්භ වූ අතර දින 10 ක් පුරා පැවති එහි අවසාන මහෝත්සවය අද (22) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.

අද ගාලුමුවදොර පිටියේ පැවති යෝගා මහෝත්සවයේ අවස්ථාවක්

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා එක්ව සිටි අතර විශේෂ ආරාධිතයන් ලෙස මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ. එමෙන්ම මේ සඳහා දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටි අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කීර්තිමත් යෝගා ආයතන 25 ක ප්‍රවීණයන් විසින් යෝගා සහ භාවනාව පිළිබඳ පුනර්ජීවන සැසියක් ද පවත්වන ලදි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහභාගී වූ පිරිසට සහතික පත් පිරිනමන අවස්ථාවක්

ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, හම්බන්තොට සහ යාපනය ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාල විසින් යෝගා වැඩසටහන් 100 ක් පමණ සංවිධානය කර තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2014 වසරේ දී ඉන්දියාව විසින් යෝගා සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්මත කළ අතර, ඒ අනුව සෑම වසරකම ජූනි 21 වන දා ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මෙම යෝජනාවට රටවල් 170 කට අධික සංඛ්‍යාවක් සහය පළ කළ අතර ශ්‍රී ලංකාව එම යෝජනාවේ සම අනුග්‍රාහකයෙකු විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තම පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අපේක්ෂකයකු පමණක් බව නාමල් කියයි….

Next Post

රිලවියන්ට ලූපය පැළඳවීමේ පළමු පියවර සාර්ථකයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.