මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය විසින් පකිස්තානය සිය අසාදු ලේඛනයෙන් නිදහස් කිරීමට තීරණය කිරීම ඉස්ලාමාබාද් පාලනයට දැවැන්ත සහනයක් ගෙනදීමට සමත්ව තිබේ.
මෙම නිදහස් කිරීම සිදුකළද ගෝලීය මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මූල්‍ය සම්පාදන කටයුතු පිළිබඳ සොදිසි කිරීම් කරනු ලබන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය තවදුරටත් පාකිස්ථානයේ ක්‍රියාකාරකම් කෙරෙහි අවදානය යොමු කළයුතු බවට බොහෝ දෙනා ප්‍රකාශ කර ඇති බවට වාර්තවේ.
මේ අතර පාකිස්තානයේ අනුග්‍රහය ලබන ත්‍රස්තවාදීන් මුම්බායි නගරයට පහර දී වසර 14ක් ගත වී ඇත. මුම්බායි හි දින තුනක් තිස්සේ සිදු වූ ලේ වැගිරීම පිටුපස පාකිස්තානයේ සබඳතා පිළිබඳ සාක්ෂි සියල්ලන්ටම දැකගත හැකි විය. කෙසේ වෙතත්, පසුගිය වසර 14 තුළ මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉන්දියාව කළ ඉල්ලීම් නොසලකා හැරීමට පාකිස්තානය පියවරගෙන තිබිණි.
පාකිස්ථානය විසින් ත්‍රස්ත සංවිධාන වලට සහය දීමත් ඔවුන්ගේ මුදල් විශුද්ධි කරණයට සහය දීමත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වි සිටින අතර එවැනි පසුබිමික මුල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධන බලකායේ ලයිස්තුගත කිරීමෙන් ඉවත්වීමට හැකිවීම විශේෂත්වයකි.
පකිස්තානය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගත් නවතම තීරණයේදී මුල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධන බලකායේ සභාපති රාජ කුමාර්, “මෙහිදී සමගාමී ක්‍රියාකාරී සැලසුම් දෙකක් ඇත. පකිස්තාන බලධාරීන්ගේ දක්වා ඇති සියලුම ක්‍රියාකාරී සැලසුම් බොහෝ දුරට අනුගමනය කර තිබෙනවා.″ යනුවෙන් පැවසීය.
මෙහිදී පාකිස්ථාන බලධාරීන් විසින් නව ක්‍රියාකාරී සැලසුමට සත්‍ය වශයෙන්ම සහය දක්වනු ඇතැයි විශ්වා කළ නොහැකි බවද එහිදී ඔවුන් නීතියේ ඇති හිඩැස් භාවිතා කර සිය අරමුණු ඉටු කරගැනීමට කටයුතු කරනු ඇති බවට අපෙක්ෂා කළ හැකි බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මීට පෙර පාකිස්තාන බැංකු සහ මූල්‍ය ආයතන ත්‍රස්තවාදී සංවිධාන වල මුදල් විශුද්දීකරන කටයුතු වලට සහය ලබාදුන් බවට චෝදනා එල්ලවිය.