ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා පාකිස්ථාන රජය විසින් විදුලි පාරිභෝගිකයින් උරණ කරමින් එරට මෙතෙක් ක්‍රියාත්මක වූ ඉහළ ගාස්තුවක් අය කරන විදුලි පරිභෝජන කාලය ඉහළ දැමීමට තීරණය කර ඇති බව ඩේලි පකිස්තාන් පුවත්පත වාර්තා කරයි.
මෙම තීරණය අනුව ඉහළ ගාස්තුවක් අයකරණ විදුලි පරිභෝජන කාලය පැය දෙදකින් ඉහළ දැමීමට පියවරගෙන ඇත. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ ඉහළ ගාස්තු අය කරන කාලය වූ පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා වූ කාලය මින් ඉදිරියට පස්වරු 5 සිට රාත්‍රී 11 දක්වා දීර්ඝ කිරීමට නියිමිතය.
එය පාකිස්තාන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම සිදුවනඅතර එය එරට ජනතාවට දරා ගැනීමට නොහැකි තරම් වූ ගාස්තුවක් බවට පතවනු ඇති බවටද ජනතාව චෝදනා කරන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
භාවිතා කරන කාලය මද පදනම්ව විදුලි පරිභෝජනය මැනීමට හැකියාවක් පවතින පරිදි පාකිස්ථාන විදුලි මීටර් ක්‍රියාත්මක වේ. ඒ අනුව කාර්යබහුල වේලාවන්හිදී, එනම් සවස 5 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ භාවිතා වන මීටර විදුලි ඒකකයක් සඳහා අයකර ගාස්තුව පාකිස්තාන රුපියල් 49.35 ක් වන අතර උපරිම පැය ගණනෙන් පසු, භාවිතා කරන විදුලි එ්කකයකට පාකිස්තාන රුපියල් 33.3 ක් අයකරනු ඇත.
මේ අතර තෙකලා විදුලි භාවිතා කරන පාරිභෝගිකයින්ට මීට පෙර කාර්ය බහුල වේලාවන් හිදී ගෙවූ පාකිස්තාන රුපියල් 30 ක ගාස්තුව වෙනුවනට රුපියල් 50ක ගාස්තුවක් ගෙවීමටද සිදුව ඇති බව ඩේලි පාකිස්තාන් පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි.