මරණ දඬුවම නියම කර බන්ධනාගාර ගතකර සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අභියාචනාධිකරණය අද (7) බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.
ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නොහැකි බව පසුගියදා නීතිපතිවරයාද ප්‍රකාශ කර තිබුණි.
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කර තිබුණද ඔහු පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය කටයුතු මෙතෙක් බන්ධනාගාරය විසින් සකසා නොතිබිණි.