රටේ පවතින කොමිෂන් සභාවලින් නිසි පලක් නොවුණු බව පවසන අධිකරණ අමාත්‍ය අලි සබ්රි කොමිෂන් තිබෙන්නේ කන්නදැයි ප්‍රශ්න කරයි. ඔහු අද කළුතර රැස්වීමක් අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේ 19 වැනි සංශෝධනය ඉවත් කොට 20 වැනි සංශෝධනය ගෙන ආවේ වැඩ කරන ජනාධිපතිතුමාට වැඩ කරන පරිසරයක් නිර්මාණය කර දෙන්න යයි ද පැවසීය.
එහිදී අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය. දැන් අපි පොලිස් කොමිසමක් තියල අරගෙන පොලිස් කොමිසට බලය දුන්නා 19 වැනි සංශෝධනයෙන්. කොමිෂන්වලින් මොකක්ද බලාපොරොත්තු වෙන්නට ඕන. අපරාධ අඩුවෙන්න ඕන. අපරාධ අඩු වුණාද වැඩි වුණාද වෙලා කියෙන්නේ අපරාධ වැඩි වීම. කොමිසන් ද ඕන අපරාධ නවත්වන්නද ඕන. ඒ හින්ද තමයි අපි කල්පනා කළේ කොමිසන් නැතිව. රිපෝට් හදල හදල යවල හරියන්නේ නෑ. මේ කොමිෂන් කන්නද? කොමිසන් නෙවෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂව ලබා දීමයි වැදගත්.
අපි දැක්ක එක බස් එකට ඩ්‍රයිවර්ලා දෙන්නයි ඔය 19 වැනි සංශෝධනය හින්දා. ජනාධිපතිත් බලය ඉල්ලනවා අගමැතිත් බලය ඉල්ලනවා. අපි දැක්කා වාර්තා 97ක් තියෙද්දී පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණා. 19 වැනි සංශෝධනය ඒකටද ඕන? පාස්කු ප්‍රහාරය නිසා රටම විනාශ වුණා. එයින් විපතට පත් වුණු කතෝලික ජනතාවට අප කණගාටුව ප්‍රකාශ කරනවා. ඉතිහාසයේ කවදාවත් වේච්ච නැති දෙයක්. මුස්ලිම් සමාජය කියල නම් දරා ගත් ත්‍රස්තවාදින් කිහිප දෙනකු නිසා වේව දෙයක්. එයින් පස්සේ පළ විපාක වැඩියෙක් විඳින්න වුණේ මුස්ලිම් ජනතාවට හැම මිනිහා දිහාම ත්රස්තවාදීන් ලෙස සැකෙන් බැලුවා. අපට ඕන එවැන්නක් නොවන ශක්තිමත් රටක් අප නිර්මාණය කළ යුතු බව ද අලි සබ්රි මහතා එහිදී අවධාරණය කළේය.