සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියන්ත බේරීමට ඉදිරිපත්වී තම ජීවිතය බේරාගන්නට පොලිස් ආරක්ෂාව පිට ඉන්නා පකිස්ථාන වීරයා…

by editor
දෙසැම්බර් 7, 2021
in පුවත්
අගමැති ඉම්රාන් මලික් වෙත අද සවස  තාම්ගා-ඉ-ෂුජාත් පදක්කම පිරිනමමින්...

අගමැති ඉම්රාන් මලික් වෙත අද සවස තාම්ගා-ඉ-ෂුජාත් පදක්කම පිරිනමමින්...

Share on FacebookShare on Twitter

අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, “සියල්කෝට්හි දී ප්‍රියන්ත දියවඩනගේ රැකගැනීමටත්, තමාගේ දිවි නොතකා සිය සිරුරෙන් ඔහු ආවරණය කරමින්, නීතිය අතටගත් කලහකාරී පිරිසෙන් ඔහු ආරක්ෂා කිරීමටත් සිය උපරිමයෙන් ක්‍රියා කළ මලික් අද්නන්ට සදාචාරය වෙනුවෙන් පෙනී සිටීමට තිබූ ධෛර්යයට සහ වීරත්වයට සමස්ත ජාතිය වෙනුවෙන් ආචාර කිරීමට මම කැමැත්තෙමි. අපි ඔහුට තාම්ගා-ඉ-ෂුජාත් පදක්කම පිරිනමන්නෙමු,”

ජාතියට එසේ කීවේ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ය.

‘තාම්ගා-ඉ-ෂුජාත්’ යනු අනතුරක් ඉදිරියේ නිර්භීතව කටයුතු කිරීමත්, නිර්භීතව ජීවිත බේරාගැනීමත් වෙනුවෙන් පාකිස්ථානයේ සිවිල් වැසියන්ට පිරිනැමෙන වීරත්වයේ පදක්කමය.

පාකිස්ථානයේ  මනුෂ්‍යත්වය පිළිබඳ නිර්වචනයන් ඇත්තේ කඩමාලු වූ ආගමික අශිෂ්ඨත්වයේ දුර්වර්ණික පත්ලේය. මලික් අද්නන් මේ වනවිට සිටින්නේ පොලිස් ආරක්ෂාව යටතේ රහසිතගතවය. ඔහුගේ සගයන්ද එසේය. මේ තර්ජනය මලික්ට පැමිණ ඇතතේ  මරා දැමූ ප්‍රියන්ත කුමාර දියවඩන මරණයෙන් බේරා ගැනීම සඳහා ඔහු ඉදිරිපත් වීම නිසාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මලික් අද්නන්

ප්‍රියන්ත කුමාර දියවඩන  2012 වසරේ සිට සියල්කෝට්හි වසිරාබාද් පාරේ පිහිටි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් නම් පෞද්ගලික කර්මාන්තශාලාවේ අපනයන කළමනාකරුවෙකු ලෙස සේවයකර කළේය.  කම්හලේ නිෂ්පාදන කළමනාකරු   මලික් අද්නන්ය. මලික් මෙම සේවා ස්ථානයේ සේවයට පැමිණෙන්නේ වර්ෂ 2005 දීය. කර්මාන්ත ශාලාවේ ඔහුගේ සේවා කාලය අවුරුදු 16කි.

මලික් සහ ප්‍රියන්ත හඳුනාගැනීම සිදුවන්නේ   වර්ෂ 2015 දීය. ඔවුන් අතර ගොඩනැගී තිබුණේ වැඩ කිරීම තුළින් ඇති වූ බැඳීමකි. ඒ බැඳීම වෙනුවෙන් ඔහු සිය ජීවිතය පරදුවට තැබුවේය.

මේ තුච්ඡ ඝාතනයට හේතුව  ආගමික පාඨයකි. ආගමික පාඨ රැගත් ස්ටිකරයකි. එසේ කියන්නේ පන්ජාබ් රජයේ විමර්ශන අංශයන්ය.  විනය පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්වූ කළමනාකරුවෙකු වන ප්‍රියන්ත, බිත්තිවල අලවා තිබූ ආගමික පාඨ රැගත් ස්ටිකර් ඉවත්කරන ලෙස ඉල්ලා තිබිණි. ප්‍රියන්ත කළ මරණීය වරද එයය.

මැරයන් ප්‍රියන්තව පැහැර ගැනීමට තැත් කළ අවස්ථාවේ සිට මලික් මේ විනාශය බේරා ගැනීමට ක්‍රියාත්මක වුනේය. ඒ කාලකණ්ණි මොහොත ගැන ඔහු  මාධ්‍යයට කියා තිබිණි.

“ප්‍රියන්ත රාජකාරිය අතින් අවංක යි… දැඩියි. ඔහු යහපත් මනුෂ්‍යයෙක්.“

“සද්දෙ ඇහිලා මම එතනට යනකොට හතළිහක් පනහක් ඒ පැත්තට එනවා. මම ප්‍රියන්තට කිව්වා පිටව යන්න කියලා. ඒත් ඒ වනවිටත් හතලිහක් පනහක් පොලු අරගෙන ඇවිත්. ඔහුව උඩ තට්ටුවට පිටත් කළත් පිරිස ඔහුව හොයාගෙන උඩට ගියා. මා ප්‍රියන්තව බේරගන්න උඩ තට්ටුවට දිව්වා. මම එන්න කලින් ප්‍රියන්තගේ ඔළුවට සහ මුහුණට තුවාල කරලා තිබුණා.“

ඔහු දෑත් එකතු කර මැරයන්ට ආයාචනා කරනු ලෝකය දැක්කේය.  ප්‍රියන්තගේ  ජීවිතය බේරා ගැනීම සඳහා විකල්ප යෝජනා මැරයන්ට ඉදිරිපත් කරනු දුටුවේය. එකෙක්වත් මලික්ට ඇහුම්කන් දුන්නේ නැත. සමහරු පිරිස ප්‍රචණ්ඩත්වයට පොළඹවන අන්දමේ සටන් පාඨ කියනු දැකගත හැකිවිය.

“ඔවුන්ගේ හැසිරීම සමාගමත්, ජනතාවත් විනාශ කරනවා පමණක් නොවේ, පාකිස්ථානයේ ප්‍රතිරූපයට ද කැළලක් වන බව ද ඔවුන්ට ඒත්තු ගන්වන්නට මම උත්සාහ කළා. ඒත් ඔවුන් ඇහුවෙ නෑ. මට අවශ්‍යවුනා මනුෂ්‍යත්වයේ නාමයෙන් මගෙ වෘත්තීය සගයා බේරගන්න.  මම එතනට ගිහින් ප්‍රියන්තගේ ඇඟ උඩින් වැතිරුණා. මමත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණා.”

මැරයන්ගේ ප්‍රහාරයට ලක්වී මලික් තුවාල ලැබුවේය.

“මට ප්‍රියන්තගේ ජීවිතේ බේරගන්න බැරි වුණා. ඔහු වටිනා මිනසෙක්. මා මියෙන තුරු මට ඔහුව අමතක වෙන්නෙ නෑ. “ ඔහු කියන්නේ සංවේගයෙනි.

මලික් මාධ්‍යය අමතමින්..

මලික් අද්නාන් මාධ්‍යවේදී මුහම්මද් සුබයිර් ඛාන්ට පැවසුවේ සිද්ධියෙන් පසු ඔහුගේ මව ඔහු බදාගෙන ඔහුගේ වීරත්වය පිළිබඳ අසීමිත ඇගයීමට ලක් කළ බවය.

“මගේ අම්මා මාව වර්ණනා කළා. මගේ ජීවිතයේ වටිනාම අවස්ථාව මෙයයි,”

ඛේදවාචකය මෙයය. මනුෂ්‍යත්වයේ නාමයෙන් සිය සගයාව බේරා ගැනීමට ඉදිරිපත් වූ මලික් අද්නාන් මේ වනවිට ආගමික වියරුවේ ගොදුරක් වීමේ අවදනාමකය. සියල්කෝට් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන්නේ මලික් අද්නාන් මේ වන විට ආරක්ෂිත ස්ථානයක සිටින බවය. සිද්ධියේ අහිතකර බලපෑම්වලින් ඔහුටත් ඔහුගේ සගයන්ටත් මලික් අද්නාන් සහ ඔහුගේ සගයන්ට පූර්ණ ආරක්ෂාව සපයා ඇතිබවත්, ඔවුන්ට තම පවුලේ අය සමග බියෙන් තොරව කාලය ගත කිරීමටත්, සිද්ධියේ අහිතකර බලපෑම්වලින් මිදීමටත් අවස්ථාව සලසා දී ඇතිබවත් ඔවුන් කියන්නේය.

තුවාල ලැබූ මලික් අද්නාන් සහ ඔහුගේ සගයන්ගේ තත්ත්වය යහපත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වනවිට මලික් සමාජ ආදර්ශයක් නිර්මාණය කර තිබේ. ඒ ආදර්ශය ගොඩනැගෙන්නෙ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙන්ම පකිස්ථානය වැනි රටක් ප්‍රාර්ථනා කළ යුතු නායකයෙක්වූ ඉම්රාන් ඛාන් අතිනි.  ඉම්රාන් සැබෑ වීරයෙක් යනු කවරෙක්දැයි ආගමික වියරුවෙන් උමතු වූ පාකිස්ථානු සමාජයට පෙන්වා දුන්නේය. ඔහුව ඇගයීමට ලක් කළේය. ඒ ඇගයීම සමාජය වෙත සම්ප්‍රේක්ෂණය වී තීබේ.

මාධ්‍යවේදිනී අම්නා ජබීන් මෙසේ ලියා තිබුණාය. “ඔබ වීරයෙකු වීමට අසාමාන්‍ය විය යුතු නැහැ. මලික් අද්නාන් මෙම සම්මානයට සුදුසු යි. හොඳම තීරණය මෙයයි.”

“මලික් අද්නාන් රටේ යහපත්ම පිරිස මූර්තිමත් කරනවා. ඔහු සිය ජීවිතය පරදුවට තබා තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළ අයෙක්. අල්ලාහ් ඔහු සැමවිටම ආරක්‍ෂා කරත්වා. ඔහු නිර්භීතකමේ සහ දයාවේ සැබෑ ප්‍රතිමූර්තිය යි,”  එසේ ලියා තිබුනේ රංගන ශිල්පිනී මන්ෂා පාෂාය.

මාධ්‍යවේදී රවුෆ් ක්ලස්රා පවසන පරිදි සැබෑ වීරයා වන්නේ මලික් අද්නන් ය. “ඔහු මුළු රාජ්‍යයට, ඉහළ නායකයින්ට සහ ආරක්ෂක නිලධාරීන්ට වඩා නිර්භීත යි,” ක්ලස්රා පවසයි.

( මූලාශ්‍රය – බීබීසී)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප දිගටම… පාකිස්ථාන අගමැති ප්‍රකාශ කරයි…

Next Post

මා ජීවත්ව සිටින තුරු සියල්කොට් ඝාතනය වැනි සිද්ධියක් යළි ඇතිවන්න ඉඩ දෙන්නෙ නෑ! – අගමැති ඉම්රාන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.