පකිස්ථානයේ සියල්කෝට්හි දී අමානුෂික ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩන ලැබූ මාසික වැටුප ඔහුගේ පවුලේ උදවිය සඳහා නොකඩවා ලබාදීමට කටයුතු කරන බව පාකිස්ථාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (07) ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ප්‍රියන්ත කුමාර දියවඩන වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබේ.
එම අරමුදල වෙනුවෙන් මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් එකතු වී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.