කීර්ති ප්රනාන්දු
පාකිස්ථානයේ සියල්කොට් හිදී ඝාතනයට ලක්වූ ප්රියන්ත කුමාර දියවඩනගේ දේහය ලාහෝර් ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් ඇතැයි කටුනායක ගුවන්තොටුපල වාර්තා තහවුරු කරයි.
මීට ටික වේලාවකට පෙර දේහය ගුවන්තොටුපළ වෙත රැගෙන විත් ඇති අතර දේහය රැගත් ශ්රී ලංකන් ගුවන් සේවයේ යු. එල් . 186 දරන ගුවන් යානය අද දහවල් 12 .30 ට ලාහෝර් ගුවන්තොටුපලේ සිට කටුනායක බලා ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි කටුනායක ගුවන්තොටුපල පවසයි.
එම දේහය රැගත් ගුවන් යානය අද සවස 5 ට කටුනායක ගුවන්තොටුපල වෙත ළඟා වීමට ද නියමිතව ඇති අතර ප්රියන්ත කුමාර මහතාගේ දේහය භාර ගැනීම සඳහා ඔහුගේ පවුලේ ලඟම ඥාතීන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණීමට නියමිතව ඇත.
ඉන් අනතුරුව දේහය මීගමුව මහ රෝහලේ දී පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම රෝහල වෙත රැගෙන යාමට නියමිත බව ගුවන්තොටුපල පොලිසිය පවසයි.