වසර 12කට පෙර අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටුනොවීම නිසා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අද පෙරවරු 10.30ට මෝදර කාලි කෝවිලට ගොස් හිස බූ ගා විශේෂ පූජාවක නිරත වී තිබේ.
දොළොස් වසරක් ගතවුවද බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ප්‍රගීත් එක්නැලිගොඩට සිදුවූයේ කුමක්දැයි සොයාදීමට හෝ වැරදිකරුවන්ට දඬුවම් දීම මෙතෙක් සිදුනොවූ බැවින් ඊට වගකිවයුතු සියල්ලන්ට දෙවියන් විසින් දඬුවම් කරන්නැයි ඉල්ලා ඇය විරදම් පූජාව සිදුකොට, පොල් ගසා නාග සන්දේශය කියවූවාය.
අද සිට හිස බූ ගා යුක්තිය ඉටුවන දිනක් එනතුරු පේ වෙන බව ඇය කියාසිටියාය.















