තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ සැමියා ලෙස පෙනී සිටි ඉසුරු බණ්ඩාර නොවැම්බර් 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ශිලණි පෙරේරා අද (19) නියෝග කළාය.
බරපතල මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 6 වනදාය.
ඉන් අනතුරුව ඇය අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඇයගේ සැමියා ලෙස පෙනී සිටි ඉසුරු බණ්ඩාර ද මුල්‍ය චෝදනා සම්බන්ධයෙන් පෙරේදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේය.