මහනුවර සුපිරි වාහන අලෙවිසලක් පවත්වාගෙන යමින් රට වටේ කෝටි ගණනක වාහන වංචාකළ බවට චෝදනා ලැබ මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (19) සොයමින් සිටි රෝහිත අබේගුණවර්ධනගේ ඥාතිපුත්‍රයා ඒ සොයන විටත් වෙනත් වාහන වංචාවකට චෝදනා ලැබ මහේස්ත්‍රාත් නියෝග මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව හෙළි වී තිබේ.
අදාල සැකකරු වෙනත් විභාග වූ පැමිණිල්ලකට අදාල නඩු විභාගයක දී මහේස්ත්‍රාත් නියෝග මත රක්ෂිත බනධනාගාරගත කර තිබේ.
විශේෂත්වය වන්නේ මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුට වෙනත් නඩුවක් විභාගවන බව හෝ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව හෝ නොදැන සිටීමය.
මේ තත්ත්වය තුළ අද පෙරවරුව වනතුරුම සැකකරු සොයා පරීක්ෂණ දියත් කර ඇති බවත් මහයියාවේ වාහන අලෙවිසල පවත්වාගෙන යන ප්‍රධාන ව්‍යාපාරිකාය වූ සැකකරුගේ පියාගෙන් පොලිසිය මෙම චූදිත පුතා ගැන විමසූ විට ඔහු ඉන්නා තැනක් නොදන්නා බවත් පවසා ඇතැයි දැනගන්නට තිබේ.
අදාල සැකකරු සම්බන්ධයෙන් පෙර පැමිණිල්ල ඉදිරිපත් කර පිරිසක් විසින් මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පොලිසියට දන්වනතුරුත් පොලිසිය ඒ බව දැනගෙන සිට නැති බව වාර්තා වේ.
ි