සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසිද්ධ ස්ථානවලදී පොලිස් ක්‍රියාකාරම් වීඩියෝ කරන සිවිල් පුද්ගලයින් වැලැක්වීම පොලිසියට තහනම් කරමින් පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්!

by editor
ඔක්තෝබර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බවත්, එවැනි වීඩියෝ කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවත් දන්වමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අද (30) දින වැඩ බලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව RTM924 සහ CRTM762 දරන මෙම චක්‍රලේඛය දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති අතර එම චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ සංස්කරණය නොකළ වීඩියෝ හඬ පට අධිකරණයකදි සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින් පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවය.

එබැවින් පොදු ස්ථානවල සිදුවන පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට බාධා නොකළ යුතුවා සේම, සංස්කරණය කළ වීඩියෝ පට පොලිස් දෙපාර්තමේන්තුවට සහ පොලිස් සේවයට කැළලක් වන ආකාරයට සමාජගත කළහොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බවය.

මෙම චක්‍රලේඛය නිකුත් කරන්නට ප්‍රථම පොලිසියේ ඉහළම නිලධාරීන් අතර ඇති වූ කථිකාවක් පිළිබඳ හෙළිදරවු කරන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වීඩියෝ පටයක් නිකුත්කරමින් කියා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝ කළ මාධ්‍යවේදියා සම්බන්ධව පොලිසියේ හැසිරීමත්, ලොහාන් රත්වත්තගේ ආයුධ සහිත වාහනය අත් අඩංගුවට ගත් පසු එය ම අවස්ථාව වීඩියෝගත කල තරුණයා සම්බන්ධව පොලිසියේ හැසිරීමත් නිසා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස ප්‍රසිද්ධ ස්ථානවල පොලිස් හැසිරීම් වීඩියෝගත කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි බවය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මේ ප්‍රශ්නකිරීම් දිගටම සිදුවෙද්දී වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව කළ සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව හැරුණු විට බොහෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙය කිසිම නෛතික වරදක් නොවන බවත්, එවැනි ඉඩකඩක් සැපයීමෙන් පොලිසියේ විනයානුකූල පැවැත්ම සමාජය තුළ තහවුරු කළ හැකි බවත් පෙන්වා දී ඇතැයි වාර්තා වී තිබේ. එමෙන්ම මෙම නිලධාරින්ගේ අදහස වී ඇත්තේ යම් වීඩියෝ කිරීමට බාධා කරන බහුතරයක් නිලධාරීන් විනය විරෝධි කටයුතුවලට නැඹුරු වූවන් බවය.

හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිසියේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මෙම ජනතා මැදිහත්වීමේ සාධනීය බව පිළිබඳ සංවාදයක් ගොඩනගා ඇතැයි ද මේ දීර්ඝ සංවාදයෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් උක්ත චක්‍රලේඛය නිකුත් කර ඇතැයි ද හෙළිදරවු වී ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හොරු අල්ලන්න ආපු මම ඉන්නේ හොරෙක් එක්ක නම් මම ඉන්න ඕන දිලිත් එක්කනේ මල්ලි… රන්ජන් කියයි!

Next Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධව ජාතික ජන බලවේගය පීලි මාරු කිරීම අරඹලා… සුමන්තරන් කියයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.