ආණ්ඩුවේ ප්‍රමුඛතම ආරක්ෂකයෙක් වූ ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානම මැතිවරණ බලකොටුව වූ මිනුවන්ගොඩ දී අද (04) දෙවන වරටත් රජයට විරෝධය දක්වමින් දැවැන්ත උද්ඝෝෂණයක් ඇරඹී තිබේ.
එක් වී සිටින දහසකට අධික තරුණ වැඩිහිටි බහුතරය පිරිස් මහ හඬින් කියමින් සිටියේ තමන් මේ ආණ්ඩුව පත් කරගැනීම සඳහා පොහොට්ටුව ලකුණට ඉදිරියෙන් ඡන්දය සටහන් කළ අය බවය.
ජනාධිපතිවරයාට , බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට මෙන්ම මැති ඇමැතිවරුන්ට ද එරෙහි සටන් පාඨ ඔවුහු ප්‍රදර්ශනය කරමින් සිටිති.
මිනුවන්ගොඩ නගරයේ ව්‍යාපාරික ජනතාව ද එම විරෝධතා කරුවන් ට සහය දක්වමින් කටයුතු කරන අයුරු දක්නට ලැබිණ .