ජනතා හඬ තවදුරටත් නොසලකා හැරීමට රජය තීරණය කළහොත් පොහොට්ටුවේ ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ) මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අද (04) අනතුරු ඇඟවීය.
“ජනතාවගේ හඬ නොතකා දිගටම බලයේ සිටීමට රජය තීරණය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 50කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිනු ඇති” ඔහු පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවූයේ හෙට (05) පාර්ලිමේන්තුව රැස්වන විට පාර්ලිමේන්තුවේ බහුතර ආසන 113ක් රජයට අහිමි වන බවට එම මන්ත්‍රීවරුන් සහතික වනු ඇති බවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මෙම ප්‍රකාශය කළේ සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඊයේ සිය ඉල්ලා අස්වීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රට පුරා විශාල මහජන විරෝධතා පැන නැගීම හේතුවෙන් කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදු වී තිබේ.