90 දශකය තුළ මේ රටේ ජනාදරයට පත් ප්‍රවීණ නිවේදිකාවක මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ රත්නා පුෂ්පකුමාරි දිවි සැරියෙන් සමුගෙනය.
කලක් රෝගාතුරව සිටි ඇය මියයන දිවි ගමන නිමා කරන විට 61 වැනි වියේ පසුවූවාය.
රත්නා පුෂ්පකුමාරි සිය මාධ්‍ය දිවිය ආරම්භ කරන්නී ගුවන්විදුලි නිවේදිකාවක ලෙසිනි.
සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශියේ සාමාජිකාවක වූ ඇය, මනෝවිද්‍යා උපදේශකවරියක ලෙස දහස් ගණනකගේ සිත් සතන් සුවපත් කළා ය.
රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ දේහය හෙට (29) උදෑසන සිට මහජන ගෞරවය සඳහා කොළඹ සුදර්ශියේ තැන්පත් කර ඇත. අනිද්දා (30) උදෑසන සිට බදාදා පස්වරුව දක්වා දේහය තැන්පත් කර තැබෙන්නේ, බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.