අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බව ප්‍රමාදවී හෝ රජයේ ඉහළම තැන තේරුම් ගැනීම ගැන සතුටුවන බවත් අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින විශාල අර්බුද ප්‍රමාණය විසඳා අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක පවසයි.
යම් සේවාවක් අත්‍යාවශ්‍ය සේවාවක් කළ යුත්තේ සේවාවේ ඇති වැදගත්ම සහ ඒ හරහා රටේ ජනතාවට ලබා දිය හැකි සේවාව ගැන තක්සේරුවෙන් මිස වෘත්තීය ක්‍රියාකාරමක් මර්ධනය කර බලහත්කාරයෙන් වැඩ ගැනීමට නොවන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.
දෙරණ ප්රවෘත්ති නාලිකාවට ප්‍රකාශයක් නිකුත් කරමින් මහාචාර්ය බන්නැහැක මෙසේ පවසා තිබිණි.
“යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ, ඒ සේවාවේ තිබෙන වැදගත්කම සහ ඒ සේවාව හරහා රටේ ජනතාවට ලබාදෙන්න පුළුවන් සේවය පිළිබඳ සලකලා. “
එහෙම නැතුව යම්කිසි වෘත්තියක නියැලි පිරිසක් තමන්ගේ වෘත්තීය ගැටලු ගැන කතා කරනකොට ඒ ප්‍රශ්නවලින් මඟහැර යෑමේ පිළිවෙතක් විදියට හෝ ඒ පුද්ගලයින්ව බයගන්වලා ඒ පුද්ගලයින්ගෙන් බලහත්කාරයෙන් වැඩගැනීම සහ ඒ වගේ චේතනාවන් ප්රමුඛ කරගෙන නෙමෙයි.
ඒ ආකාරයට එක් එක් සේවාවන් මේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරන ආකාරය පහුගිය කාලයේ වරින් වර අප අත්දැකි සිදුවීමක්.
ඒ වගේ දෙයක් පදනම් කරගෙන යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරනවා කියන එක අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
නමුත් සන්තෝෂ වෙනවා අධ්‍යාපන කේෂ්ත්‍රය ගැන අවධානය යොමුවීම ගැන රටේ ඉහළම තැන්වලින්. නමුත් අවධානය යොමුවිය යුත්තේ මේ ආකාරයට නෙමෙයි.
අධ්‍යාපන කේෂ්ත්‍රයේ දැවැන්ත ගැටලු තියෙනවා. ඒවා විසඳලා මේක අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් හොඳයි කියන එක තමා අපේ මතය.”
උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ වීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප වතාවක් උත්සාහ කළ ද මෙම කාර්යයෙන් තාවකාලිකව ඈත් වූයේ රජය විසින් පැනවූ බදු ප්‍රශ්නයට කිසියම් සහනයක් බලාපොරොත්තුවෙන් බව ද මහාචාර්යවරයා පැවසුවේය.
ඒ පිළිබඳව යම් සාධනීය ලකුණු මතුවී ඇති බවත්, සියලුම තීන්දු තීරණවලට එළඹෙන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විධායක කමිටුව රැස් වී ඉදිරි දින කිහිපය තුළ හැකි උපරිමදේ කිරීමට සූදානමින් සිටින බවත් මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක කීවේය.