කීර්ති ප්‍රනාන්දු-
කූඨ ලෙස සකස් කළ විදේශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ප්‍රංශයට සහ දකුණු අප්‍රිකාවට පැන යාමට තැත් කළ ඉරාන සහ සෝමාලියා ජාතිකයන් දෙදෙනෙකු අද (11) දින කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගතතේය .
මින් 43 හැවිරිදි ඉරාන ජාතිකයා . අලුයම 12.40 ට ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව යාම සදහා , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 563 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
26 හැවිරිදි සෝමාලියානු ජාතිකයා .ඊයේ (10) රාත්‍රී 08.40 ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස් , එතැන් සිට බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර ඔස්සේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළට ආවේය.
මොවුන් පිළිබඳව ඇතිවූ සැකය මත දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී , මොවුන් ඉදිරිපත් කළ ප්‍රංශ සහ දකුණු අප්‍රිකානු ගුවන් ගමන් බලපත්‍ර , ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු විය .
මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කළ අවස්ථාවේ තමන් ඉරාන ජාතිකයෙකු බවත් , තමන්ට එරට තුළ පවතින ජීවිත තර්ජනය හේතුවෙන් මෙසේ ප්‍රංශය වෙත පැන යාමට පැමිණි බවත් සඳහන් කර තිබේ .
මෙම ඉරාන ජාතිකයාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආසනයක් මත තබා තිබියදී සහ සෝමාලියානු ජාතිකයාගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍රය , ඔහු නැවතී සිටි හෝටල් කාමරය තුළ තිබියදීත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ටී.ඩබ්ලිව්.කේ.ටී.කළ්‍යාණප්‍රිය , එච්.එම්.ඩබ්ලිව්.උදය කුමාර සහ ආගමන විගමන නිලධාරීන් වන කේ.ඒ.ජේ.එල්.කුළතුංග , ඒ.ආර්.ප්‍රියන්ත විසින් සිදු කර තිබුණි .