ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 19 වැනිදා ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වෙන දෙවන එලිසබෙත් මහ රැජණ ගේ අවමංගල්‍ය උත්සවය සඳහා ශ්‍රි ලංකාව නියොජනය කරමින් සහභාගී වීමට නියමිතය.
අද පෙරවරුවේ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලටයට ගිය ජනාධිපතිවරයා මිය ගිය රැජණ වෙනුවෙන් මහ කොමසාරිස් සාරා හුල්ටන් හමුවී ශෝකය ප්‍රකාශ කළේය.
එහි තැන්පත් කර ඇති සමරු පොතෙහි ශෝක සටහනක් තැබූ ජනාධිපතිවරයා මහ රැජණ දශක 7ක් තිස්සේ කළ සේවයද ඇගයීමට ලක් කළේය.
මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.