පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තේරීමේ මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්විමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් ව ඇත. සෑම දිස්ත්‍රික්කයකම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කරන ලද අති ව්ශේෂ ගැසට් =නිවේදනයට අනුව එම මැතිවරණය මාර්තු මස 09 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් ව තිබේ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80, 720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම පවසයි.
එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්ය.







