ශ්‍රී ලංකාව අපේක්ෂා කරන චීන ණය ප්‍රතිව්‍යූහගතකරණයට නොහැකි බව පවසමින් ශ්‍රි ලංකාවේ චීන තානාපති කාර්යාල ලිපි ශීර්ෂය භවිත කරමින් සකසුණු සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුණු ‘ව්‍යාජ’ ලිපිය පිළිබඳ ව චීන තානාපති කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ..
මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් ඩේලි මිරර් පුවත්පතට කියා සිටියේ සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වන ව්‍යාජ ලේඛනයක් පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරියා තමා දැනුවත් කළ බවයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ලිපි ශීර්ෂය යටතේ 2023 ජනවාරි 18 දිනැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියක් පසුගියදා සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදා හරින ලදී.
ඒ අනුව, ඔවුන්ගේ ආර්ථිකය ද COVID-19 වසංගතයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් ඔවුන්ට (චීනයට) හිඟ ණය කමා කිරීමට නොහැකි වී තිබේ. පසුව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ ලිපිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලේඛනයක් බවයි.
“ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය එහි නිල ලිපි ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ මුදල් අමාත්‍යවරයාට ලියා ඇති සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බව පැහැදිලි කරමින් පසුගියදා චීන තානාපති කාඒයාලය සිය නිල ට්විටර් ගිණුම තුළින් නිවේදනය කළේය.