ලබන 25 වැනිදා සිට පලාත් තුළ පමණක් දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා ලංකාසරට පැවසීය.
මෙහිදී දුම්රියේ ගමන් කළ හැක්කේ මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබා ගෙන ඇති මගීන්ට පමණක් බව දුම්රිය සාමාන්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.
පවතින කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව අමාත්‍යංශය විසින් මෙතෙක් දන්වා ඇත්තේ ලබන 25 වැනිදා මේ ආකාරයෙන් සීමිත මගීන් පමණක් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදන ලෙස බවත් ඒ අනුව එම කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන බවත් ඔහු සඳහන් කළේය.
එසේම දුම්රිය ධාවනය කිරීම ප්‍රමාද වන්නේ ඉන්ධන ගැටලුවක් පවතින බැවින් යැයි මේ වන විට වෘත්තීය සමිති සහ සමාජය අතර ඇතිව තිබෙන කතාබහ පිළිබඳව කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මෙයට කිසිසේත් ඉන්ධන හිඟයක් බලපා නොමැති අතර අවශ්‍ය තරම් ඉන්ධන ලබා දීමට ඉන්ධන සැපයුම් අංශ සූදානමින් සිටින බවයි.
අන්තර් පළාත් දුම්රිය ධාවනය දැනුම් දීමක් සිදු කළහොත් ක්‍රියාත්මක කිරීමට හැකි බවද හෙතෙම අවධාරණය කළේය.