සබරගමුව, බස්නාහිර සහ වයඹ පාළාත්වලත්, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් ඒ පිළබඳ විමසිලිමත් වන ලෙසත්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් අවධාරණය කෙරේ.
ඇතැම් ස්ථානවල මිලි මීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අද (21) සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහති වැසි ඇතිවීමේ ඉඩකඩ වාර්තා වේ.







