උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසියේ සතුන්ගේ මිය යාම හේතුවෙන්, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියම කර ඇත.
සුළි කුණාටුවත් සමග රට පුරා ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයෙන් කිරි ගවයින් සහ එළුවන් 500කට ආසන්න ප්‍රමාණයක් මියැදී තිබුණේය.
ඊයේ වනවිට ගවයන් 316 දෙනෙකු සහ එළුවන් 170ක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.








