සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළමු විස්සයි 20 තරගයෙන් ඔස්ට්‍රේලියානුවන්ට ලකුණු 20ක ජයක්…

by editor
පෙබරවාරි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිඩ්නි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී පැවති ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු  20ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට ස්වල්ප වෙලාවකට පෙර සමත් වූයේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානුවෝ කඩුළු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගත්හ.  තරගය මැද දී ඇතිවූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය පන්දු ඕවර 19 ක දී ලකුණු 143ක් දක්වා ලඝු විය. ශ්‍රී ලංකාවට පන්දු ඕවර 19 තුළදී ලබා ගත හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු  122ක් පමණි.

හඹායෑම ආරම්භ කළ ශ්‍රී ලංකා ඉනිම සුන් කර දැමීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ කටයුතු කළහ. අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජොෂ් හසිවුඩ්  පන්දු ඕවර හතර තුළ ලකුණු 12ක් පමණක් දී  ශ්‍රී ලංකා කඩුළු 04ක් බිඳ හෙළුවේය. ඇඩම් සම්පාත් වාර්තාගත පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර හතර තුළ ලකුණු 18ක් පමණක් දී කඩුලු 03ක් ලබා ගත්තේය. පැට් කුමින්ස් ලකුණු 32ට කඩුල්ලක් දවා ගනු ලැබුවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකය. ඔහු පන්දු 37ක දී ලකුණු 36ක් ලබා ගත්තේය. අයාලේ ගොස් ලැබූ දඬුවම නිමා කර තරගය ආරම්භ කළ දනුෂ්ක ගුණතිලකට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 25ක් චරිත් අසලංක ලකුණු 16ක් ලබා ගත්තේය.‍ෙ

ඔස්ට්‍රේලියා වෙනුවෙන් පිතිකරණය ආරම්භ කිරීමට පැමිණි   බෙන් මැක්ඩමොර්ට් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින්  පන්දු 41ක දී ලකුණු 53ක් රැස් කළේය.  ඊට හතරේ පහර දෙකක් හා හයේ පහර තුනක් ඇතුළත් විය.

මාර්කස් ස්ටොන්ක් පන්දු 17ක දී වේගවත් ලකුණු 30ක් වාර්තා කළේය. ඊට හතරෙ පහර දෙකක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ජොෂ් ඉන්ග්ලිස්  පන්දු 18ක දී ලකුණු 23ක් ලබා ගත්තේය.

පන්දු යැවිමේ දී ආකරශනීයම පන්දු යැවීම බිනුර ප්‍රනාන්දුගෙන් සහ වනිඳු හසරංග ගෙන් ප්‍රදර්ශනය විය. බිනුර පන්දු ඕවර 04 යවමින් ලබා දුන් ලකුණු සංඛ්‍යාව 12කි. ඔහු කඩුලු දෙකක් ලබා ගත්තේය. වනිඳු හසරංග පන්දු ඕවර 04ක් යවා ලකුණු 38ට කඩුලු 03ක් බිඳහෙළුවේය.

සිය පන්දු ඕවර 04 යැවූ දුෂ්මන්ත චමීර  ලකුණු 38 කඩුලු 2ක ද චාමික කරුණාරත්න ලකුණු 22ට කඩුලු 2ක් ද ලබා ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර පාස්පෝට් නඩුවෙන් ශෂී වීරවංශගේ ඉරණම තීන්දු කරන නඩු තීන්දුව මාර්තු 10ට…

Next Post

සහරාන් හෂීම්ගේ මස්සිනා නීතිපති උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.